ප්‍රභාසංස්ලේෂණයකින් තොර ව ඔක්සිජන් නිපදවන හැටි නාසා පුදුම කරවයි

මෑතක දී මුහුදු පත්ලේ අඳුරුතම ස්ථානවල ඇති ලෝහ ගැටිති මගින් ඔක්සිජන් නිපදවන බව විද්‍යාඥයින් පිරිසක් සොයාගෙන තිබෙනවා.

මෙම නව සොයාගැනීමෙන් අනතුරුව බීබීසී මාධ්‍ය වාර්තා කළේ මෙම සංසිද්ධිය තේරුම් ගැනීම සඳහා විද්‍යාඥයින් විසින් පෘථිවියේ සාගරවල ගැඹුරුත්ම කොටස් අධ්‍යයනය කිරීමට සැලසුම් ප්‍රකාශයට පත් කර ඇති බවයි.

මෙම මෙහෙයුම මගින් වෙනත් ග්‍රහලෝකවල ජීවය පැවතීමේ හැකියාව දෙස මිනිසා බලන ආකාරය ද වෙනස් කළ හැකි බව ද පර්‍යේෂකයෝ පවසනවා.

නවතම සොයා ගැනීම ජාත්‍යන්තර සමුද්‍ර විද්‍යාඥයින් කණ්ඩායමක් විසින් සිදු කරනු ලැබුවා.

නමුත් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නෙ ගැඹුරු සාගර පත්ල තුළ ඇති ලෝහ ගැටිතිවල ඔක්සිජන් නිර්මාණය කිරීමේ ශක්තිය විද්‍යාඥයින් පවා මවිත කර ඇති බවයි.

එනම් විද්‍යාවේ පිළිගැනීම වන්නේ ඔක්සිජන් නිපදවිය හැකි වන්නේ ශාක මගින් හිරු එළියෙන් පමණක් බවත් එය ප්‍රභාසංස්ලේෂණය යනුවෙන් හැඳින්වෙන බවයි.

ජීවයේ වැදගත් අංගයක් වන ඔක්සිජන් අඳුරේ ලෝහ ගැටිති මගින් සෑදී ඇත්නම්, පර්යේෂකයන් විශ්වාස කරන්නේ මෙම ක්‍රියාවලිය වෙනත් ග්‍රහලෝකවල සිදුවෙමින් පවතින බවත්, ජීවය සමෘද්ධිමත් විය හැකි ඔක්සිජන් බහුල පරිසරයන් නිර්මාණය කරන බවත් ය.

මෙම විශේෂ පර්‍යේෂණය සිදු කරන්නේ නාසා ආයතනයේ විශේෂඥයින් පිරිසක් වන අතර ඔවුන් විශ්වාස කරන්නේ සෘජු හිරු එළිය නොමැති ව වෙනත් ග්‍රහලෝකවල ජීවය පවත්වා ගත හැකි ආකාරය පිළිබඳ අඳුරු ඔක්සිජන් මගින් නැවත සකස් කළ හැකි බවයි.

මෙම සිදුවීම් දාමය පිළිබඳ ව අදහස් දක්වන නාසා හි ප්‍රධාන පර්‍යේෂක මහාචාර්‍යය ඇන්ඩෲ ස්වීට්මන්ට අනුව එහි සත්‍ය වශයෙන්ම සිදු වන්නේ කුමක්දැයි සොයාගැනීම අරමුණ වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28
Video thumbnail
විපක්ෂ නායක සජිතුත් පොත් ප්‍රදර්ශනයට යයි
00:51
Video thumbnail
පොලිස් නිලධාරින් දැනුම දියුණු කරගෙන නෑ - එහෙම වුණාම අපි හෑල්ලුවට පත් වෙනවා
04:42
Video thumbnail
බුත්තල පොලිස් ස්ථානාධිපති නිල නිවස පොලිස්පතිගේ අතින් විවෘත කරයි
01:01
Video thumbnail
පාර්ලිමේන්තුවේ එහා පැත්තේ ඉදලා මෙහා පැත්තට බෝලේ යවන්න ඕනි නෑ - මාව හමුවෙන්න පුළුවන්..
05:15
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34