50%ක අධිභාරය පැනවීමෙන් වාහන මිල 50%කින් ඉහළ යන්නේ නැහැ – මුදල් නියෝජ්‍ය ඇමති

ආනයනය කරනු ලබන වාහන සඳහා අදාළ රේගු ආනයන තීරු බදු මත, 50%ක අධිභාරයක් අය කිරීමට මුදල් අමාත්‍යාංශය කටයුතු කර තිබෙනවා.

එලෙස 50%ක අධිභාරයක් පැනවීම තුළ වාහන මිල 50%කින් ඉහළ යන බවට ව්‍යාජ මතයක් සමාජයේ පැතිර යන බව මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු පවසනවා.

නියෝජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ කිසිම අවස්ථාවක එලෙස වාහන මිල 50%කින් ඉහළ යෑමක් සිදු නොවන බවයි.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමෙන්තුවේ අද (16) පෙරවරුවේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවක දී නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

“දැනට වාහන ආනයනය කිරීමේ දී තියන තීරු බද්ද 30%යි. ඒ සීයට තිහෙන් 50%ක්, සීයට තිහෙන් සියට පනහක් කියන්නේ 15%යි වැඩි වෙන්නේ. හැබැයි මේක දැනුවත්වම 50%කින් වාහන බදු වැඩිකරනවා කියලා මතයක් යනවා. ඒ නිසා 50%කින් වාහන මිල ඉහළ යනවා කියල කියනවා. ඒක සම්පූර්ණ මිත්‍යාවක් එහෙම වෙන්නේ නැහැ.”

මේ අතර නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, මාස 03ක කාල සීමාව සඳහා පුද්ගලික පරිහණය සඳහා භාවිත කරන වාහන ආනයනය පමා කරමින් විදේශ ඩොලර් සංචිත ආරක්ෂා කර ගැනීමට මෙලෙස 50%ක අධිභාරයක් පැනවූ බවයි.

“පුද්ගලික පරිහණය සඳහා භාවිත කරන වාහන ආනයනය කිරීමේ දී මාස 03ක කාල සීමාව සඳහා බදු වැඩි කරනවා. ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ මාස 03ක කාල සීමාව සඳහා පුද්ගලික පරිහණය සඳහා භාවිත කරන වාහන ආනයනය පුළුවන් නම් පමා කරන්න කියන පණිවිඩේ මේ දෙන්නේ. වාහන මිල වැඩි කිරීම නෙවෙයි. වාහන ගෙන්වීම තහනම් කරානම් මොකද වෙන්නේ අත්‍යවශ්‍යම කෙනෙකුට වාහන ගෙන්න ගන්න බැරිව යනවා.”

වාහන මත පනවනු ලබන 30%ක රේගු ආනයන බද්දට 50%ක අධිභාරයක් පැනවීමට අදාළ ගැසට් නිවේදනය රජය විසින් නිකුත් කළා.

නිකුත් කළ එම ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ, අද (16) සිට ක්‍රියාත්මක වන පරිදි මාස තුනක කාලයක් සඳහා මෙම අධිභාරය පැනවෙන බවයි.

කෙසේ වෙතත්, මැයි 15 හෝ ඊට පෙර විවෘත කරන ලද ණයවර ලිපි සඳහා මෙම අතිරේක ගාස්තුව අදාළ නොවන බව මුදල් අමාත්‍යාංශය පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
2
+1
1
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැඩි මිලට ඉන්ධන ගැනීම ගැන සජිත්ගෙන් සැර කතාවක් - රටේ සංචිතවලට අගතිගාමී බලපෑමක් වෙලා
19:49
Video thumbnail
FIFA 2026 තව තවත් උණුසුම් වෙයි - ප්‍රබල ජර්මනියට සහ අමෙරිකාව අන්ත අසරණ වෙයි
02:06
Video thumbnail
ගර්භණී කාලයේ මවකට හෙරෝයින් නිරාවරණය වුණොත් වෙන දේ මෙන්න - උපතින් හෙරෝයින්වලට ඇබ්බැහිවෙලා උපදින්නේ
02:18
Video thumbnail
දෙමව්පියෝ දරුවන්ගේ වැරදි වහනවා..වැරැද්ද පෙන්නුවනම් බන්ධනාගාරයේ මෙච්චර නෑ
03:56
Video thumbnail
බන්ධනාගාරයේ ඇත්තටම සිදුවෙන දේ මෙන්න..ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එළියට - මිනිස්සුන්ව යුද්දයට යැව්වා
09:11
Video thumbnail
ලියනගේමුල්ලේ සිදුවූ බිහුසුණු අනතුර - ත්‍රීවිල් රථ රියදුරුට බරපතළ තුවාල - සංවේදි අය නැරඹීමෙන් වළකින්න
02:16
Video thumbnail
Kasthirama | "මත්ද්‍රව්‍ය භාවිතය හා ජාවාරමට එරෙහි ජාත්‍යන්තර දිනය" පැවැත්වෙන විශේෂ කස්තිරම වැඩසටහන
01:14:00
Video thumbnail
මත්ද්‍රව්‍යට ඇබ්බැහි වුණ කෙනා ලි#ගිකව එක්වීමේ කැමැත්තක් නෑ - මනුස්සයාගේ සතුටේ සීමාවන් කොටු කරගන්නවා
04:19
Video thumbnail
ළමා මනසට මත්ද්‍රව්‍ය රකුසා ඇතුළු වෙන හැටි කිව්ව නි.පොලිස්පති - ආදරය පිරෙව්වනම් ඇතුළු වෙන්නේ නෑ
03:53
Video thumbnail
දොඩම්ගොඩදී වාහන 5ක් ගැටී බිහිසුණු අනතුරක් - මෙන්න දැන් ලැබුණු දර්ශන
00:44