5 ශිෂ්‍යත්ව ගැටලුව ආයෙත් මානව හිමිකම් කොමිසමට – අවසන් වාර්තාවක් තවම අපිට ලැබිලා නෑ

දැඩි ආන්දෝලනයකට තුඩු දුන් මෙවර 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය නැවත තැබීම සඳහා කළ පරීක්ෂණවල ප්‍රගතිය විමසීම සම්බන්ධයෙන් ගුරු – දෙගුරු සංසදය අද (18) ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණියා.

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍රය පිටවීම සම්බන්ධව අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් ජනක බණ්ඩාර මහතා පෙනී සිටිය බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

තමන් මානව හිමිකම් කොමිෂන් සභාව වෙත අදාළ සිදුවීම සම්බන්ධයෙන් ගොනු කරන ලද පැමිණිල්ලෙහි ඉදිරි පියවර සහ එහි ප්‍රගතිය පිළිබඳ ව විමසීමට අද දිනයේ දී ගුරු – දෙගුරු සංසදය පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර පිටවීම සම්බන්ධයෙන් අධ්‍යාපන දෙපාර්තමේන්තුව, විභාග දෙපාර්තමේන්තුව සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලබන පරීක්ෂණ කඩිනම් සහ විධිමත්ව සිදු කිරීම සඳහා යොමු කරවන ලෙසටයි වින්දිත පාර්ශ්වය මානව හිමිකම් කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටියේ.

මේ වනවිට එම පරීක්ෂණ කටයුතුවලට පත් කරන ලද විශේෂඥ කමිටුව විසින් තීරණය කරනු ලැබුවේ කිසිදු අයුරකින් විභාගය යළි නොපැවැත්වීමටත්; අදාළ ප්‍රශ්න 03 සඳහා සියලුම දරුවන්ට නිදහස් ලකුණක් පිරිනැමීමටයි.

මෙම තීරණ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ අදහස විමසීමටයි ගුරු – දෙගුරු සංසදය පැමිණ සිටියේ.

ගුරු දෙගුරු සංසදය සඳහන් කළේ; මානව හිමිකම් කොමිෂන් සභාව දැනුම්දුන්නේ අදාළ සියලු ම පාර්ශ්වයන් කැඳවා මේ වනවිට පුළුල් විමර්ශනයක් සිදුකරගෙන යන බවත්,
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ද අතුරු වාර්තාවක් ඉදිරිපත් කර ඇති බවයි.

නමුත් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට අදාළ ගැටලුව සම්බන්ධයෙන් මෙතෙක්
කිසිදු වගකිව යුතු පාර්ශ්වයක් අවසන් වාර්තාවක් ඉදිරිපත් කර නොමැති බවට ද තමන් හට කොමිසමෙන් ප්‍රකාශ කළ බව ගුරු – දෙගුරු සංසදය ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
0
+1
1
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විෂ බෙහෙත් ගැන ජගත් විතානගෙන් විශේෂ හෙළිදරව්වක්.."මල් කැකුළක් අකාලයේ නැතිවුණේ..මේක ඝා#නයක්"
06:25
Video thumbnail
කඩුගන්නාව නගර සභාවේ බලය සජබයට රැකගන්න බැරිවෙලා
02:02
Video thumbnail
මල් පැල කියලා ඇවිත් තියෙන්නේ ගංජාකාරයෝ ටිකක්
03:06
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.18
03:35:08
Video thumbnail
අන්ධවෙලා දුර්වල මට්ටමක සිටි අලියව සංවිධානාත්මකව දිවි අහිමි කරලා..මේ කරන දේවල් තමයි රටට පළදෙන්නේ
02:36
Video thumbnail
චාමර කෑගහලා කිව්ව කතාව බොරුවක් වුණ හැටි මෙන්න..
01:50
Video thumbnail
යුරෝපා සංගමයෙන් දුන් ඇස් උඩයන තෑග්ග..කොහොමද බඩුටික දැක්කමත් පුදුමයිනේ ?
01:10
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටී බස් රථ දෙකකට හානි
01:50
Video thumbnail
උඩුනුවර ප්‍රාදේශීය සභාව දැඩි උණුසුම්වෙයි..SJB මන්ත්‍රීවරයෙක් පොත ඉරා දමයි..ඔයා යුක්තිගරුක වෙන්න..
19:49
Video thumbnail
ජනාධිපතිතුමා නිදි නැතුව දැඩි පීඩනයෙන් හිටියේ - අපි අගයන්න ඕනේ
07:11


?