AFC Banner
Empty Ad
Empty Ad

30 වසරකට පසු නෝර්වේ රාජ්‍යයේ සිට මව සොයන ලක් පුතු

මෙයට වසර 30කට පමණ පෙර ඉතා බිලිඳු අවදියේ දරුකමට හදා වඩා ගැනීම සඳහා නෝර්වේ ජාතික යුවළක විසින් නෝර්වේ රටට ගෙන ගොස් ලොකු මහත් වූ පසු එම රටේම යුවතියක සමග විවාහ වී සිටින අවුරුදු 31ක තරුණයෙක් ලංකාවේ හෝ කොහේ හෝ සිටින වැදු මව සොයා දෙන්නයි ඉල්ලා සිටියි.

මෙම තරුණයා තම මවගේ මතකය අවදිවීම පිණිස ඡායාරූප කිහිපයක් එවා ඇත.

එම තොරතුරුවලට අනුව තම මව බලංගොඩ රෝහලේදී උපත ලබා ඇති බවත් දැනට ඇයගේ වයස අවුරුදු 49 ක් පමණ වන බවත් ඔහු පවසන්නේ. මෙම දරුවා ලැබෙන විට ඇයට වයස අවුරුදු 19කි. ඇයගේ නම කළුපහනගේ සීතා රංජණීය.

ඇය දරුවා ලැබීම සඳහා අනුරාධපුර පූලියන්කුලම, ග‍්‍රාමීය රෝහලකට ඇතුළත්ව ඇත. 1991 ජනවාරි මස 08 වැනිදා එම රෝහලේදී දරුවා ප‍්‍රසූත කර ඇත. ළදරුවාට සමන් දිසානායක නම ලබාදී ඇත. උප්පැන්න සහතිකයේ සඳහන් වන්නේ අනුරාධපුරය, මහකඩවල, කොට්ඨාසය උප්පැන්න රෙජිස්ට‍්‍රාර්වරයා යන තොරතුරු ය. ඇයගේ පියා කළුපහනගේ තෙනේරිස් යන නමයි.

මෙම මව දැනට සිටී නම් හෝ කිසියම් විස්තරයක් දන්නා අයකු සිටී නම් 0772114995 (ඇන්ඩෲ සිල්වා) දුරකථනයට දන්වන මෙන් ඉල්ලීමක් කෙරේ.

(කෑගල්ල එම්.බී. පහළවත්ත)

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?