30 වසරකට පසු නෝර්වේ රාජ්‍යයේ සිට මව සොයන ලක් පුතු

මෙයට වසර 30කට පමණ පෙර ඉතා බිලිඳු අවදියේ දරුකමට හදා වඩා ගැනීම සඳහා නෝර්වේ ජාතික යුවළක විසින් නෝර්වේ රටට ගෙන ගොස් ලොකු මහත් වූ පසු එම රටේම යුවතියක සමග විවාහ වී සිටින අවුරුදු 31ක තරුණයෙක් ලංකාවේ හෝ කොහේ හෝ සිටින වැදු මව සොයා දෙන්නයි ඉල්ලා සිටියි.

මෙම තරුණයා තම මවගේ මතකය අවදිවීම පිණිස ඡායාරූප කිහිපයක් එවා ඇත.

එම තොරතුරුවලට අනුව තම මව බලංගොඩ රෝහලේදී උපත ලබා ඇති බවත් දැනට ඇයගේ වයස අවුරුදු 49 ක් පමණ වන බවත් ඔහු පවසන්නේ. මෙම දරුවා ලැබෙන විට ඇයට වයස අවුරුදු 19කි. ඇයගේ නම කළුපහනගේ සීතා රංජණීය.

ඇය දරුවා ලැබීම සඳහා අනුරාධපුර පූලියන්කුලම, ග‍්‍රාමීය රෝහලකට ඇතුළත්ව ඇත. 1991 ජනවාරි මස 08 වැනිදා එම රෝහලේදී දරුවා ප‍්‍රසූත කර ඇත. ළදරුවාට සමන් දිසානායක නම ලබාදී ඇත. උප්පැන්න සහතිකයේ සඳහන් වන්නේ අනුරාධපුරය, මහකඩවල, කොට්ඨාසය උප්පැන්න රෙජිස්ට‍්‍රාර්වරයා යන තොරතුරු ය. ඇයගේ පියා කළුපහනගේ තෙනේරිස් යන නමයි.

මෙම මව දැනට සිටී නම් හෝ කිසියම් විස්තරයක් දන්නා අයකු සිටී නම් 0772114995 (ඇන්ඩෲ සිල්වා) දුරකථනයට දන්වන මෙන් ඉල්ලීමක් කෙරේ.

(කෑගල්ල එම්.බී. පහළවත්ත)



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගලවලා, අපි ලැජ්ජා වෙන්න ඕනේ
01:48
Video thumbnail
මරික්කාර් වටගලට රිදෙන්නම දෙයි - නගරාධිපතිනිගේ සාරි පොටේ එල්ලෙන්නේ නැතුව වතුවලට ගිහින් බලන්න
09:32
Video thumbnail
මහින්ද කහඳගම ඩුබායි ගිහින් ජාවාරම්කරුවන් එක්ක දාපු ජෝගිය මෙන්න
00:43
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.10.06
00:00
Video thumbnail
කිසිම ආණ්ඩුවක් මගේ සිවුර ගැලෙව්වේ නෑ, මේ පාර මගේ සිවුර ගැලෙව්වා
02:03
Video thumbnail
මාරවිල ෂෙඩ් එකේ පෝලිම්වල හිටපු මිනිස්සුන්ට අසූචිවලින් ප#රදීලා
02:08
Video thumbnail
තෙල් ගහන්න ආපු වීල් එක ෂෙඩ් එක ඉස්සරහම ගිනිගෙන අළුවෙයි
01:17
Video thumbnail
හැමෝටම ටටා පෙන්නගෙන නාමල් යළි බන්ධනාගාරයට යයි
00:54
Video thumbnail
අජිත් පී පෙරේරා කථානායකගේ මුහුණටම සැරටම කිව්ව දේ..
04:07
Video thumbnail
තෙල් පෝලිම් ආයේ ඇවිල්ලා
01:23