25 වසරක් එකම පාසලේ සේවය කරන නියෝජ්‍ය විදුහල්පතිනියට දෙමාපියන්ගෙන් විරෝධයක්

හැටන් අධ්‍යාපන කාර්‍යාලය යටතේ පාලනය වන ගිනිගත්හේන ප්‍රදේශයේ ප්‍රධාන පාසලක නියෝජ්‍ය විදුහල්පතිනිය වසර 25ක කාලයක සිට එකම පාසලේ රාජකාරිය සිදු කරන බවට දෙමාපියන්ගෙන් චෝදනාවක් එල්ල වී තිබෙනවා.

නියෝජ්‍ය විදුහල්පතිනිය 1999 වසරේ පාසලට පත්වීම් ලබා පැමිණි දා සිට මේ දක්වා (2025) කිසිදු ස්ථාන මාරුවීමක් නොලබා එකම පාසලේ සේවය කරන බවටයි මාපියන්ගෙන් චෝදනාව එල්ල වී ඇත්තේ.

අනෙකුත් ගුරුවරුන් වසර 05ක් වැනි කාලයක් තුළ ස්ථාන මාරුවීම් ලබන බවත් අදාළ නියෝජ්‍ය විදුහල්පතිනියට පමණක් විශේෂ වරප්‍රසාද හිමිගැන්වීම් සිදු කරන්නේ කෙසේ ද යන්නයි මාපියන් අධ්‍යාපන බලධාරීන්ගෙන් ප්‍රශ්න කර සිටින්නේ.

නියෝජ්‍ය විදුහල්පතිනිය විසින් පාසලේ සේවය කරන ගුරුවරුන්ට කාලසටහන් සකස් කරන බවත්, ඇයට හිතවත් ගුරුවරුන්ට පමණක් කාල සටහන් නිසි අයුරින් ලබා දී තවත් ගුරුවරුන් පිරිසකට කාල සටහන් ලබා නොදීම හමුවේ කාල සටහන් නොලද ගුරුවරුන් ප්‍රමාණයක් නිකරුණේ පාසලේ සිටින බවත් දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්ගේ සත්‍යග්‍රහය ජය ඝෝෂා මැද අවසන් වෙයි
01:45
Video thumbnail
යතුරුපැදියකින් ඇවිත් මහපාරේ යන වාහනවලට ගැ#ව පුද්ගලයා අත්අඩංගුවට
01:16
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිගෙන් සමාව ගන්න
04:26
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිට කියූ වාග් ප්‍රහාරය නිසා කැබිනට් මාධ්‍ය හමුව රත්වෙයි..
05:40
Video thumbnail
2027 වසරට කල් දැම්ම පුවත, සත්‍යග්‍රහයේ සිට විමල් බලයි..සතුටට කට්ටිය ප්‍රීති ඝෝෂා තියයි
00:58
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07


?