රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් 21 ක් ඉදිරිපත් වී තිබෙනවා.
විනිවිද පදනමේ භාණ්ඩාගාරික සුනිල් ජයසුන්දර, ආචාර්ය අජන්තා පෙරේරා, නීතිඥ ශිරාල් ලක්තිලක, තරුණ නීතිඥ සංගමය, ඇතුළු පිරිසක් විසින් පෙත්සම් ඉදිරිපත් කර තිබෙනවා.
අදාළ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් මීට පෙර ශ්‍රී ලංකා නීතිඥ සංගමය මහාචාර්ය ජී එල් පීරිස්, මහාචාර්ය රන්ජන් අබේරත්න ඇතුළු පිරිසක් විසින් පෙත්සම් ඉදිරිපත් කර තිබුණා.
පෙත්සම්කරුවන් කියා සිටින්නේ රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත තුළින් ජනතා පරමාධිපත්‍යය මෙන්ම අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑමක් එල්ල වන බවයි.
එම නිසා එය සම්මත කිරීමට අවශ්‍ය නම් අදාළ පනත් කෙටුම්පත ජනමත විචාරණයකින් අනුමත විය යුතු බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් පෙත්සම් වලින් ඉල්ලා තිබෙනවා.













