රාජිතට එරෙහි සුදු වෑන් නඩුව විභාගයට දින නියම වෙයි

ඉකුත් ජනාධිපතිවරණය සමයේ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා සුදු වෑන්වලින් පුද්ගලයින් පැහැරගෙන යාම සහ මංකොල්ලකෑම් පිළිබඳව තොරතුරු හෙළිදරව් කිරීම තුළින් එවක ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට අගතියක් සිදුකළේ යැයි චෝදනා කරමින් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුව විභාගය සඳහා මැයි මස 08 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළා.

මෙම නඩුව අද (19) කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා

එම නඩුවේ ප්‍රධාන සාක්ෂිකරු අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා නැවත වරෙන්තු නිකුත් කිරීමටද විනිසුරුවරයා නියෝග කළා.

මෙම නඩුවේ සාක්ෂිකරු දිගින් දිගටම අධිකරණය හමුවේ පෙනී නොසිටින්නේ නම් මෙම නඩුව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ගැටළු සහගත තත්ත්වයක් මතුවන බව පෙන්වා දුන් විනිසුරුවරයා එය යහපත් තත්ත්වයක් නොවන බවත් පැවසුවා.

ප්‍රධාන සාක්ෂිකරුවන් අධිකරණයට නොපැමිණෙන්නේ නම් වෙනත් සාක්ෂි මෙහෙයවීමට පැමිණිල්ල කටයුතු කළ යුතු බවත් එසේ නොමැති නම් පැමිණිල්ල අවසන් කිරීමට කටයුතු බවත් විනිසුරුවරයා සඳහන් කර සිටියා.

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න සහ එහි තවත් විත්තිකරුවකු වශයෙන් නම්කර සිටින රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මොහමඩ් රූමි යන විත්තිකරුවන්ට පනවා තිබෙන විදේශ ගමන් තහනම අත්හිටුවන ලෙස කර තිබෙන ඉල්ලීම හෙට දින සලකා බලන බවත් විනිසුරුවරයා නිවේදනය කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?