AFC Banner
AFC Banner
Empty Ad

2030 වනවිට ශ්‍රී ලංකාවේ වන ගහනය 30% දක්වා ඉහළ නැංවීමට එකඟතාවක්

ශ්‍රී ලංකාවේ වනගහනය 2030 වනවිට සියයට 30 දක්වා ඉහළ නැංවීම සඳහා ජාත්‍යන්තර සම්මුති සමග එකඟතාවයකට පැමිණ තිබෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

දැනට මෙරට වනගහනය සියයට 29.2ක් වන බවත් එය සියයට 30 දක්වා ගෙන ඒමට නම් වනාන්තර ප්‍රමාණය තවත් දශම 08කින් ඉහළ නැංවිය යුතු බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

බැලූ බැල්මට මෙය සුළුපටු ඉළක්කයක් බව පෙනුනත් අපේ රටේ වන ගහනය දශම 08කින් ඉහළ නැංවීමට හෙක්ටෙයාර් 65,000ක වනාන්තර වගා කළ යුතු බව ඔහු පෙන්වා දෙනවා.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා..

කෘෂිකර්ම අමාත්‍යවරයා වශයෙන් පරිසරය සුරැකීම මෙන්ම රටට අවශ්‍ය ආහාර බෝග වගාවටත් ප්‍රමුඛත්වය ලබා දිය යුතු නිසා මෙවර පැළ සිටුවීමේ ජාතික නැකැත් චාරිත්‍රය අනුව බහුවාර්ෂික බෝගයක් වශයෙන් පලතුරු පැළ රෝපණය කිරීමට අපි පියවර ගත්තා.

පසුගිය මහ කන්නයේ මෙතෙක් අප රටේ වැඩිම වී අස්වැන්නක් අම්බලන්තොට රිදියගම ප්‍රදේශයේ ගොවීන් සිව්දෙනෙක් වාර්තා කර තිබෙනවා. තුන්දෙනෙක් හෙක්ටෙයාර් එකකට වී කිලෝග්‍රෑම් 11,000කට වැඩි ප්‍රමාණයකුත්, එක් ගොවියෙක් වී කිලෝ ග්‍රෑම් 9,000කට අධික ප්‍රමාණයකුත් අස්වනු ලබා තිබෙනවා.

මේ ආකාරයට අපේ රටේ සෑම ගොවියෙක්ම වැඩි අස්වැන්නක් ලබා ගැනීමට නම් හොඳ බීජ වී, නිසි කළට පොහොර යෙදීම හා තාක්ෂණික ක්‍රම යොදා ගත යුතුයි.

රටේ ආහාර බෝග වගාව ඉහළ නැංවීමට ගොවීන්ට ලබා දෙන සහන ප්‍රමාණය ඉහළ නැංවීමටත් රජය වශයෙන් දැන් අවශ්‍ය පියවර ගෙන තිබෙනවා. කුමන බාධක හා විවේචන එල්ල වුවත් අපි මේ රටේ කෘෂිකර්මාන්තය ඉහළ නැංවීමේ ‌ වැඩපිළිවෙළ ඉදිරියට ගෙනියනවා”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගනේමුල්ල සංජීව ඝා#නයට පෙර ලැබුණු ඔත්තුව #live #dasathamidnewstoday #dasathanews
00:51
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
03:02:27
Video thumbnail
අපි ඔක්කොම එක අම්මාගේ දරුවෝ වගේ එක පොදු විපක්ෂයක් හදනවා...
13:32
Video thumbnail
ගනේමුල්ල සංජීව ඝා#නයට පෙර වැඩබලන පොලිස්පතිට ලැබුණු ඔත්තුව
05:29
Video thumbnail
ගමෙන් ගමට නැවත එන නාමල් - "රැවටිච්ච මිනිසුන්ට තේරෙනවා හැමදාම රැවටෙන්න බෑ කියලා"
07:42
Video thumbnail
සුමන්තිරන් කරන්න යන වැඩක් ගැන සැකයක්...
03:49
Video thumbnail
මේසේට හයියෙන් තට්ටු දාපු ආණ්ඩුවේ මන්ත්‍රීවරු
17:08
Video thumbnail
🔴LIVE :- රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුව
01:09:42
Video thumbnail
රටේ හරක් ටික දක්කන්න කෙවිට අතට ගත් වනවාසී රාහුල හිමි | Open Heart with Wanawasi Rahula thero EP :07
32:34
Video thumbnail
ඊගාවට බලයට එන්නේ අපි තමයි
06:37

?