2030 වනවිට ශ්‍රී ලංකාවේ වන ගහනය 30% දක්වා ඉහළ නැංවීමට එකඟතාවක්

ශ්‍රී ලංකාවේ වනගහනය 2030 වනවිට සියයට 30 දක්වා ඉහළ නැංවීම සඳහා ජාත්‍යන්තර සම්මුති සමග එකඟතාවයකට පැමිණ තිබෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

දැනට මෙරට වනගහනය සියයට 29.2ක් වන බවත් එය සියයට 30 දක්වා ගෙන ඒමට නම් වනාන්තර ප්‍රමාණය තවත් දශම 08කින් ඉහළ නැංවිය යුතු බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

බැලූ බැල්මට මෙය සුළුපටු ඉළක්කයක් බව පෙනුනත් අපේ රටේ වන ගහනය දශම 08කින් ඉහළ නැංවීමට හෙක්ටෙයාර් 65,000ක වනාන්තර වගා කළ යුතු බව ඔහු පෙන්වා දෙනවා.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා..

කෘෂිකර්ම අමාත්‍යවරයා වශයෙන් පරිසරය සුරැකීම මෙන්ම රටට අවශ්‍ය ආහාර බෝග වගාවටත් ප්‍රමුඛත්වය ලබා දිය යුතු නිසා මෙවර පැළ සිටුවීමේ ජාතික නැකැත් චාරිත්‍රය අනුව බහුවාර්ෂික බෝගයක් වශයෙන් පලතුරු පැළ රෝපණය කිරීමට අපි පියවර ගත්තා.

පසුගිය මහ කන්නයේ මෙතෙක් අප රටේ වැඩිම වී අස්වැන්නක් අම්බලන්තොට රිදියගම ප්‍රදේශයේ ගොවීන් සිව්දෙනෙක් වාර්තා කර තිබෙනවා. තුන්දෙනෙක් හෙක්ටෙයාර් එකකට වී කිලෝග්‍රෑම් 11,000කට වැඩි ප්‍රමාණයකුත්, එක් ගොවියෙක් වී කිලෝ ග්‍රෑම් 9,000කට අධික ප්‍රමාණයකුත් අස්වනු ලබා තිබෙනවා.

මේ ආකාරයට අපේ රටේ සෑම ගොවියෙක්ම වැඩි අස්වැන්නක් ලබා ගැනීමට නම් හොඳ බීජ වී, නිසි කළට පොහොර යෙදීම හා තාක්ෂණික ක්‍රම යොදා ගත යුතුයි.

රටේ ආහාර බෝග වගාව ඉහළ නැංවීමට ගොවීන්ට ලබා දෙන සහන ප්‍රමාණය ඉහළ නැංවීමටත් රජය වශයෙන් දැන් අවශ්‍ය පියවර ගෙන තිබෙනවා. කුමන බාධක හා විවේචන එල්ල වුවත් අපි මේ රටේ කෘෂිකර්මාන්තය ඉහළ නැංවීමේ ‌ වැඩපිළිවෙළ ඉදිරියට ගෙනියනවා”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස් එක යන්න දෙන්නේ නෑ - මූ බීලා ඉන්නේ, බස් එකෙන් බස්සන්න
02:47
Video thumbnail
අක්කර 20ක් වඩා විනාශ කළ කඳු රක්ෂිතයේ ගින්න
01:30
Video thumbnail
පොහොසත් රටක් නෑ, පොහොසත් ආණ්ඩුවක් තියෙන්නේ
07:58
Video thumbnail
ශ්‍රී ලංකා මුස්ලිම් කාන්තා සංගමයේ 90 වන සංවත්සරය අගමැතිනිගේ ප්‍රධානත්වයෙන් සමරයි
01:29
Video thumbnail
නාමල්, ජනපති අනුරට දාපු කින්ඩිය - 75%ක් ජනපතිට කැමතියි ලු, හිනාවෙන්න එපා
11:46
Video thumbnail
නාමල්ගේ ගමනට පොලිස් නිලධාරියෙක් හරස් වෙයි
01:38
Video thumbnail
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කළ ප්‍රබල ප්‍රකාශය - අභියෝගාත්මක තත්ත්වයකට විනිශ්චකාරවරුන් මුහුණ දෙන්නේ
11:48
Video thumbnail
අපි ස#රා#න් එක්කලා ෆොටෝ ගහලා නෑ බොලව් - අපි හැරිලා ගැ#වොත් උඹලට දුවන්න පාරවල් නෑ
11:57
Video thumbnail
දෙහිඅත්තකණ්ඩියට ගිය දිලිත් තරුණයින්ට සමරු සටහනුත් දෙයි..ගොවියන් බඳාගෙන දුක කියයි
03:42
Video thumbnail
ප්‍රධාන සාක්ෂිකරුවන් තුන්දෙනෙක් සියදිසි න#ගෙන - පෙර රජයවල් ලේසියෙන් සාක්ෂි ඉතුරු කරන්නේ නෑ
03:32