2027 වසරට අදාළ විසර්ජන පනත් කෙටුම්පත මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා.
මේ අතර, 2027 විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම සහ මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් නොවැම්බර් 12 වැනිදා අයවැය කථාව ඉදිරිපත් කිරීමට නියමිතයි.
අනතුරුව නොවැම්බර් 13 සිට 20 දක්වා දින හතක් දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්වෙන අතර, එහි ඡන්ද විමසීම නොවැම්බර් 20 වැනිදා පස්වරු 6.00ට පැවැත්වෙනවා.
එමෙන්ම අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් 21 සිට දෙසැම්බර් 14 දක්වා දින 19ක් පැවැත්වෙනවා.
අයවැය තෙවැනිවර කියවීමේ අවසන් ඡන්ද විමසීම දෙසැම්බර් 14 වැනිදා පස්වරු 6.00ට පැවැත්වීමට නියමිත අතර, එමගින් 2027 අයවැය පාර්ලිමේන්තු ක්‍රියාවලිය අවසන්.










