2025 අයි.පී.එල් තරගාවලිය හදිසියේම නවතා දමයි

ඉන්දියාව සහ පාකිස්ථානය මතුව ඇති යුදමය තත්ත්වය මාධ්‍යයේ 2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

අයි.පී.එල් තරග සංවිධායකයින් තරගාවලිය දින නියමයක් නොමැතිව අත්හිටුවා ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

පන්ජාබ් කිංග්ස් සහ දිල්ලි කැපිටල්ස් අතර ඊයේ (08) ධර්මශාලා හිදී පැවති තරගය හදිසියේ අවලංගු කිරීමෙන් පසු මෙලෙස තරගාවලිය දින නියමයක් නොමැතිව අත්හිටුවීමටයි කටයුතු කර ඇත්තේ.

ඉන්දියානු නගරවලට පාකිස්ථානයෙන් එල්ල වූ ගුවන් ප්‍රහාර හේතුවෙන් ඊයේ තරගය මෙලෙස අවලංගු කිරීමට කටයුතු කර තිබුණා.

මෙම තරගය අවලංගු කිරීමත් සමඟ දිල්ලි සහ පන්ජාබ් ක්‍රීඩකයින් විශේෂ දුම්රියක් මඟින් ධර්මශාලා හි සිට රැගෙන ඒමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය කටයුතු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මේ අතර දෙඅර අතර පවතින මෙම යුදමය තත්ත්වය මාධ්‍යයේ පාකිස්ථාන සුපර් ලීග් 20-20 තරගාවලියට ද බාධාවක් වී තිබෙනවා.

පාකිස්ථානයේ මේ දිනවල පැවැත්වෙන් එම තරගාවලියේ ඉතිරි තරග එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට තීරණය කර ඇති බව වාර්තා වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
2
+1
2
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කලිසම ගලවලා පෙන්නන්න එපා පොලිස්පතිතුමා
05:31
Video thumbnail
රන්ජන් ඔයාට අ# එනවද..? අනුර ඔයා බ#ලෝ බැඳලා තියාගන්න..මේ පාපිස්සක්..කඩුවෙලට දෙයියන්ගෙම පිහිටයි
04:34
Video thumbnail
රටට මුදල් ගේන එක රනිල්ට ලොකු වැඩක් නෙමෙයි
06:56
Video thumbnail
විෂ බෙහෙත් ගැන ජගත් විතානගෙන් විශේෂ හෙළිදරව්වක්.."මල් කැකුළක් අකාලයේ නැතිවුණේ..මේක ඝා#නයක්"
06:25
Video thumbnail
කඩුගන්නාව නගර සභාවේ බලය සජබයට රැකගන්න බැරිවෙලා
02:02
Video thumbnail
මල් පැල කියලා ඇවිත් තියෙන්නේ ගංජාකාරයෝ ටිකක්
03:06
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.18
03:35:08
Video thumbnail
අන්ධවෙලා දුර්වල මට්ටමක සිටි අලියව සංවිධානාත්මකව දිවි අහිමි කරලා..මේ කරන දේවල් තමයි රටට පළදෙන්නේ
02:36
Video thumbnail
චාමර කෑගහලා කිව්ව කතාව බොරුවක් වුණ හැටි මෙන්න..
01:50
Video thumbnail
යුරෝපා සංගමයෙන් දුන් ඇස් උඩයන තෑග්ග..කොහොමද බඩුටික දැක්කමත් පුදුමයිනේ ?
01:10


?