2025 අයි.පී.එල් තරගාවලිය හදිසියේම නවතා දමයි

ඉන්දියාව සහ පාකිස්ථානය මතුව ඇති යුදමය තත්ත්වය මාධ්‍යයේ 2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

අයි.පී.එල් තරග සංවිධායකයින් තරගාවලිය දින නියමයක් නොමැතිව අත්හිටුවා ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

පන්ජාබ් කිංග්ස් සහ දිල්ලි කැපිටල්ස් අතර ඊයේ (08) ධර්මශාලා හිදී පැවති තරගය හදිසියේ අවලංගු කිරීමෙන් පසු මෙලෙස තරගාවලිය දින නියමයක් නොමැතිව අත්හිටුවීමටයි කටයුතු කර ඇත්තේ.

ඉන්දියානු නගරවලට පාකිස්ථානයෙන් එල්ල වූ ගුවන් ප්‍රහාර හේතුවෙන් ඊයේ තරගය මෙලෙස අවලංගු කිරීමට කටයුතු කර තිබුණා.

මෙම තරගය අවලංගු කිරීමත් සමඟ දිල්ලි සහ පන්ජාබ් ක්‍රීඩකයින් විශේෂ දුම්රියක් මඟින් ධර්මශාලා හි සිට රැගෙන ඒමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය කටයුතු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මේ අතර දෙඅර අතර පවතින මෙම යුදමය තත්ත්වය මාධ්‍යයේ පාකිස්ථාන සුපර් ලීග් 20-20 තරගාවලියට ද බාධාවක් වී තිබෙනවා.

පාකිස්ථානයේ මේ දිනවල පැවැත්වෙන් එම තරගාවලියේ ඉතිරි තරග එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට තීරණය කර ඇති බව වාර්තා වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
2
+1
2
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සිංගප්පූරුවේ GEC සමුළුවේදී නාමල් කියූ කතාව - ඉන්දිය සාගරය රටවල් සම්බන්ධ කරන ප්‍රධාන මාර්ගයක් කරනවා
19:41
Video thumbnail
මීගමුව බන්ධනාගාරයේ තිත්ත ඇත්ත ජේෂ්ඨ නි.පොලිස්පති ලලිත් හෙළිකරයි -100% ප්‍රශස්ත රාජකාරි කරන්නේ නෑ ?
04:45
Video thumbnail
ජාත්‍යන්තර වේදිකාවට ගිය නාමල් වටා විද්වත් පිරිස එක්වූ හැටි - බිරිඳත් හිනාවේවී පැත්තක
02:00
Video thumbnail
සිංගප්පූරුවේදී නාමල් රාජපක්ෂ වටා එක්වුණු විද්වතුන්..
02:23
Video thumbnail
Ceylon Green Life Plantation ආරම්භ කළ සුවිශේෂී සංචාරක වගා බිම
07:58
Video thumbnail
රී# පු# හෝඳගන්නවත් සබන් කෑල්ලක් ගන්න බෑ - ලාල්කාන්ත කතා කළේ ගොවියට පු#න්
03:09
Video thumbnail
2026 පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ රන් සලකුණ තැබීමට සැරසෙන මෙට්ලයිෆ් ක්‍රීඩාංගනය
02:28
Video thumbnail
මේ පුතා කවුද දන්නේ නෑ.. හැබැයි හැමදාම මේ බෝධීන් වහන්සේ ළඟ නතර වෙලා වැඳලා තමයි යන්නේ..
01:33
Video thumbnail
හිටපු පොලිස්පති, රංග සහ දිනේෂ් අවසන් මොහොතේ තැබූ එකම පණිවුඩය - ජීවිතය කියන්නේ දුකත් සතුටත් අතර ගමනක්
02:33
Video thumbnail
සැමගේ නෙත් කඳුළින් තෙත් කළ බන්ධනාගාර නියාමක පසිඳුගේ අවසන් ගමන - සැරයන් නිලයට උසස් කරයි
07:25