2025 අයවැයෙන් ලැබෙන සහන ජනපති අනුර කියයි (වීඩියෝ)

2025 වර්ෂය සඳහා වන අයවැය එළඹෙන පෙබරවාරි මාසයේ දී ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

එහිදී රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිවීම පිළිබඳව අවදානය යොමුකර ඇති බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.

එමෙන්ම පාසල් ළමුන් සඳහා දීමනාවක් ලබාදීම සම්බන්ධයෙන් ද එම අයවැය ලේඛනය මඟින් අවදානය යොමුකර ඇති බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

ඊට අමතරව දිළිඳු ජනතාවට සහ ආබාධිත පුද්ගලයින්ට ලබාදෙන දීමනාව ද එම අයවැය මඟින් ඉහළ දමන බවයි ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කර සිටියේ.

එමෙන්ම මෙරටට වැඩිම සංචාරකයින් පැමිණෙන වසර බවට 2025 වසර පත් කිරීමට ද අපේක්ෂාවක් පවතින බව ද ඔහු පැවසුවා.

එළඹෙන මහ මැතිවරණ සටන අරඹමින් අද (20) තංගල්ලේ දී ආරම්භ වූ ජාතික ජන බලවේගයේ පළමු රැළිය අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මෙම අදහස් පළකළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
1
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21