2024 හොංකොං සික්සස් කිරුළ ශ්‍රී ලංකාවට

2024 හොංකොං සික්සස් ශූරතාවය දිනාගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සමත් වුණා.

ඒ, අවසන් මහා තරගයේ දී ප්‍රබල පාකිස්ථාන කණ්ඩායම කඩුලු 03කින් පරාජය කරමින්.

මෙම තරගයේ කාසිය වාසිය දිනාගත් ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව පාකිස්ථානයට ලබා දුන්නා.

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ගත් එම තීරණය නිවැරදි තීරණයක් බවට පත්කරගනිමින් පාකිස්ථාන ඉනිම පන්දුවාර පහයි පන්දු දෙකක් තුළ ලකුණු 72 කට සීමා කරන්නට සමත් වුණා.

අනතුරුව ලකුණු 73ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකාව එම ඉලක්කය ඉනිමේ අවසන් පන්දුවාරය තුළ පසුකර යමින් අවසන් මහා තරගය ජයග්‍රහණය කළා.

තරගවලියේ වීරයා ලෙස ශ්‍රී ලංකා ක්‍රීඩක තරිඳු රත්නායක සම්මාන හිමිකරගත් අතර, අවසන් තරගයේ වීරයා ධනංජය ලක්ෂාන්.

මෙම ජයග්‍රහණයත් සමඟ ශ්‍රී ලංකාව හොංකොං සික්සස් ශූරතාවය දිනාගත් දෙවන අවස්ථාව මෙය වනවා.

ශ්‍රී ලංකාව මීට පෙර 2007 වසරේ දී මෙම ශූරතාවය දිනාගෙන තිබුණා.

හොංකොං සික්සස් ක්‍රිකට් තරගාවලිය මෙවර පැවැත් වුණේ වසර 07ක විරාමයකින් පසුවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
19
+1
0
+1
33
+1
0
+1
0
+1
1
+1
5
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10