2023 වසරේ අයවැය රහස් මුදල් රාජ්‍ය ඇමති හෙළිකරයි

2023 අයවැය ලේඛනයෙන් රාජ්‍ය ආදායම සියයට 8.5 සිට සියයට 13ක් දක්වා වර්ධනය කර ගැනීමට බලාපොරොත්තුවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

රාජ්‍ය ආදායමෙන් සියයට 90ක් ම බදු ආදායම ලබාගැනීමටත් අය වැයෙන් යෝජනා කෙරෙන බවයි ඔහු සඳහන් කළේ.

මේ අතර සෞඛ්‍ය සඳහා රුපියල් කෝටි 43200ක මුදලක් සහ අධ්‍යාපනය සඳහා රුපියල් කෝටි 50400ක මුදලක් වෙන්කර තිබෙන බවයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

එමෙන්ම 2023 අයවැය ලේඛනයෙන් ආරක්ෂක වියදම් සඳහා රුපියල් කෝටි 36700ක් ඇස්තමේන්තුකර ඇති අතර, සමාජ ආරක්ෂණය වෙනුවෙන් රුපියල් කෝටි 57200ක් වෙන්කර ඇති බවයි වාර්තා වන්නේ.

2023 අයවැය ලේඛණයෙන් එම වසරේ රජයේ සමස්ත විදයම රුපියල් කෝටි 788500ක් ලෙස ඇස්තමේන්තු කර තිබෙන බව ඔහු වැඩිදුරටත් පවසා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?