2023 රාජ්‍ය වෙසක් උත්සවය පවත්වන ස්ථානයට විරෝධය පා මහා සංඝරත්නයෙන් ජනපතිට ලිපියක්

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය 2023 වර්ෂයේ මැයි මාසයේ දී හලාවත – කබැල්ලෑවල ශ්‍රී රත්නසිර පිරිවෙන් විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබද අමාත්‍යාංශය මේ වන විට සැළසුම් කර තිබෙනවා.

මෙම වැඩසටහන සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් ලබන 16 වනදා හලාවත – කබැල්ලෑවල ශ්‍රී රතනසිරි පිරිවෙන් විහාරස්ථානයේ දී, බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායකගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමටයි සැලසුම්කර ඇත්තේ.

මේ අතර 2023 රාජ්‍ය වෙසක් උත්සවය හලාවත – කබැල්ලෑවල ශ්‍රී රතනසිරි පිරිවෙන් විහාරස්ථානයේ පැවැත්වීමට එරෙහිව භික්ෂුන්වහන්සේලා පිරිසක් විරෝධය දක්වා ඇති බව වර්තා වනවා.

රාජ්‍ය වෙසක් උත්සවය මෙම විහාරස්ථානයේ දී පැවැත්වුවහොත් එය බෞද්ධයින්ට සිදුකරන නිඟාවක් බවයි කල්පිටිය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති පූජ්‍ය ඉත්තෑපානේ සුමන සහ ලේඛකාධිකාරී පූජ්‍ය මිගෙට්ටුවත්තේ සුමිත්ත නාහිමිවරුන් පවසන්නේ.

මේ සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත විශේෂ ලිපියක් යොමුකරමින් උන්වහන්සේලා මේ බව සඳහන් කර තිබෙනවා.

රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වීම සදහා තෝරාගෙන ඇත්තේ පිරිවෙනක් නමින් පවත්වාගෙන යන දේවාල භූමියක් බව සඳහන් කරන උන්වහන්සේලා, මෙහි විහාරාධිපති ස්වාමීන් වහන්සේ දේශපාලනික වශයෙන් හංවඩු ගැසී ඇති හිමිනමක් බවට ද චෝදනා කරනවා.

ජනාධිපතිවරයා වෙත යොමුකළ ලිපිය පහතින්.

WhatsApp Image 2023 03 11 at 12.23.41 PM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවතැන් වූවන් ආහාර සහ පහසුකම් ඉල්ලා උද්ඝෝෂණයක
03:08
Video thumbnail
කාලගුණ තොරතුරු ඉල්ලා සමගියේ සෙට් එකක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවට..
08:03
Video thumbnail
මම තරහා නෑ - සජිත් හිනා වෙවී මාධ්‍යවේදීන්ට කිව්ව දේ
01:25
Video thumbnail
ජීවිත හානි අවම කරගන්න තිබුණු අවස්තාව ආණ්ඩුව නැතිකරලා දැම්මා
10:18
Video thumbnail
රන්වලට පුම්බන්න බැලුන් නෑලු - බැලුන් හිඟයි ලු
10:44
Video thumbnail
හරිණිගේ දියාරු අධ්‍යාපන ප්‍රතිසංස්කරණයෙන් ගුරුවරුත් මඥ්ඥන් වෙලා..අගක් මුලක් නෑ..තනිකර පිස්සුවක්
18:22
Video thumbnail
උපාධිධාරීන්ට සාධාරණයක් ඉල්ලා සජිත් පාරට බහී
05:15
Video thumbnail
මහ රෑ මතුගම රත්කළ ඝා#තනය
01:13
Video thumbnail
මාතලේට ගිය නාමල්ට ජනතාවගෙන් දැඩි විරෝධයක්..
01:14
Video thumbnail
තලතා ලෙසටම ෆයර්වෙයි - විපක්ෂයට විකෘති මනසක් නෑ..රෑට රෑට පැලවත්තේ එකතුවෙලා.. කියුබාවට පනින්න යන්නේ?
12:05


?