රාජ්‍ය අංශයේ වැටුප් වැඩිවීම මෙම මාසයේ සිට

රාජ්‍ය අංශයේ සේවකයින් සඳහා අයවැයෙන් හඳුන්වා දුන් වැටුප් වැඩිවීම මෙම මාසයේ සිට ක්‍රියාත්මක බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා.

ඒ, අනුව රාජ්‍ය අංශයේ සේවකයින්ට ආසන්න වශයෙන් 35% ක සමස්ත වැටුප් වැඩිවීමක් ලැබෙනු ඇති බවයි අමාත්‍ය චන්දන අබේරත්න පැවසුවේ.

අයවැයෙන් වෙන් කරන ලද විශ්‍රාම වැටුප් වර්ධක ද මෙම වසරේ ජුනි මාසයේ සිට ලබාදෙන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරනවා.

මේ අතර රාජ්‍ය සේවයට නව සේවකයින් 26,095 දෙනෙකු බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය ලබාදුන් බව කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට ඊයේ (13) එක්වෙමින් අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළා.

  1. 2025 අයවැයෙන් වැඩ් කරන ලද වැටුප් අපට තම ලැබුනේ නැහැ මම 2017 වර්ෂයේ යුදා හමුදවෙන් විශ්‍රාම ගියේ 2026 අයවැයෙන් වැඩ් කරන ලද වැටුප් වලට කලින් 2025 වැටුප් අපට දෙන්න