පොලිසියට මන්නයකින් කොටන්න ගිහින් වෙඩි කෑ පුද්ගලයා ගැන තොරතුරු එළියට

වැලිකන්ද ප්‍රදේශයේ දී පොලීසියට තියුණු ආයුධයකින් පහරදීමට පැමිණි පුද්ගලයෙකු පොලිසිය සිදුකළ වෙඩි තැබීමකින් ඊයේ (12) ජීවිතක්ෂයට පත් වුණා.

පුද්ගලයින් තිදෙනෙකු සමඟ ධාවනය වූ යතුරුපැදියක් වැලිකන්ද ප්‍රදේශයේ දී නැවැත්වීමට රථවාහන පොලීසිය විසින් නියෝග කර තිබෙනවා.

එහිදී එම යතුරුපැදිය අණ නොතකා ධාවනය කර ඇති අතර, පසුව එම යතුරුපැදිකරු නිවසට ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

පොලිස් නිලධාරීන් විසින් අදාළ පුද්ගලයා ලුහුබැඳ නිවසට යෑමේ දී එම පුද්ගලයා මන්නයක් රැගෙන පොලිස් නිලධාරීන් පහර දීමට උත්සාහ කර තිබෙනවා.

එම අවස්ථාවේ දී පොලිස් නිලධාරීන් විසින් ඔවුන්ගේ ආත්ම ආරක්ෂාවවට වෙඩිතැබීමක් සිදුකර ඇති බවයි වාර්තා වුණේ.

වෙඩි වැදීමෙන් එම පුද්ගලයාගේ පාදයට සහ පපුවට තුවාල සිදුව ඇති අතර, රෝහල්ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබුණා.

මෙලෙස ජීවිතක්ෂයට පත් යතුරුපැදිකරු 28 හැවිරිදි වියේ පසුවන අයෙක්.

මෙම පුද්ගලයා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් බවට හඳුනාගෙන ඇති අතර, මත්ද්‍රව්‍ය චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් වරදකරුවෙකු වී ඇති සිටින අයෙක් බවත්, තවත් අපරාධ චෝදනා සම්බන්ධයෙන් ඔහුට එරෙහිව නඩු විභාගවෙමින් පවතින බව ද පොලිසිය පැවසුවා.

මේ අතර ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයා සමඟ යතුරුපැදියේ පැමිණි අනෙකු පුද්ගලයින් දෙදෙනා ද හඳුනාගෙන ඇති අතර, ඔවුන් දෙදෙනා ප්‍රදේශයෙන් පළාගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඔවුන් දෙදෙනා ද මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින අයවලුන් බව පවසන පොලිසිය, ඔවුන්ව අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මක බව වැලිකන්ද පොලිසිය පැවසුවා.

  1. පොලිය හරි විදිහට ක්‍රියාත්මක උනා පුද්ගලයා වැරදී අවම බලය ක්‍රියාත්මක කලේ නැත්නම් මොනවටද පොලිසියට අයුධ දීලා තියෙන්නේ ……

    • අනේ පල බං යන්න, අවම බලය ගගා ලොකු ටෝක් දෙන්න පුලුවන්, වීඩියෝ එක දැක්කෙ නැද්ද බූරුවෙක් වගේ කියවන්න, පොලිසිය ට ආයුධ දීල තියෙන්න පොල් ගාන්න නොවෙයි, ඕන වෙලාවට පාවිච්චි නොකර පෙට්ටගමේ තියාගන්නද weapons තියෙන්නෙ, මූ පොලිසිය නවත්වන්න කියද්දි නවත්වන්නෙ නැතුව ගිහින් ඊටපස්සෙ ගෙදරදි මන්නයක් අරන් ඇවිත් කොටන්න හදනවා පොලිසිය ට මූ කියනවා ආයුද බිම තියන්න කියලා, උඹ වගේ එකෙක් හිටිය නම් ආයුධ බිම්ස් තියලා උට වැදලත් එයි

    • සොරි , ඔබේ කොමෙන්ටුව වැරදියට තේරුම් ගැනීම නිසා ඉහත කොමෙන්ටුව පල වී ඇත, සිදු වූ අපහසුතාවය ට සමාවන්න



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කළු කඩ මුදලාලිලා විසින් ආණ්ඩුව වට්ටන ක්‍රමවේදයක් - විපක්ෂයට සම්බන්ධ අය මේ?
02:27
Video thumbnail
අද මධ්‍ය රාත්‍රියේ සිට කෙටි ආහාරවල මිල ඉහළ යයි
02:12
Video thumbnail
ජාතික කොඩිය විකෘති කිරීමේ කතාව ගැන CID‍යට පැමිණිල්ලක් - "සිංහයා වෙනස් කරලා රතු පාටින් දාන්න ඕනිලු"
02:37
Video thumbnail
අධිකරණ ඇමතිට මයික් වැඩිය දිරවන්නේ නෑ කිව්වට, වැඩි දුර යන්න බෑ - කිව්වා මේ අයට බලය දෙන්න එපා කියලා
01:58
Video thumbnail
වෙඩින් එකක් රෝහලෙන් කෙළවර වුණ බිහිසුණු අනතුර "මට මොනවත් මතක නෑ..බලනකොට බස් එක පෙරළිලා"
02:48
Video thumbnail
රෝහිත කියපු ත්‍රීරෝද රථවල අලුත්ම ස්ටිකර් වැකිය - මාලිමාවට ඡන්දය දුන්නේ 40ට වැඩි අයද ?
03:37
Video thumbnail
කලින් මර්වින් දැන් මෙයා චණ්ඩි පාට් දානවා - 22 සම්මත වුණොත් කොහොම චණ්ඩි පාට් දායිද ?
05:03
Video thumbnail
වාසනා ඇතාට ජනපති නැගිටලා ආචාර කළේ වැරැද්ද මතක්වෙලා - පසුතැවෙන්න ලොකු හයියක් තියෙන්න ඕනි
01:36
Video thumbnail
"හොර හරක් ගේන ලොරි වගේ..ඇරලා බැලුවම මල කෙළියයි - හොර හරක්"රෝහිතගෙන් සැර හින්ට් එකක්
03:18
Video thumbnail
හිටපු ජනපති උපදේශකයෙක් ගැන ඇස් උඩයන හෙළිදරව්වක් ? - රනිල්ගේ කාලේ කරපු අවභාවිතාවක් ?
06:25