හිටපු ජනාධිපති රනිල්ගේ ප්‍රධානත්වයෙන් අනුරපුරදී පිංකම් මාලාවක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර ශ්‍රී මහා බෝධිය සහ රුවන්වැලි මහා සෑය අභියස දී පිංකම් මාලාවක් පැවැත්වුණා.

හිටපු ජනාධිපතිවරයාගේ ජන්ම දිනයට සමගාමීව ඔහුටත් රට වැසියාටත් ආශිර්වාද පතා මෙම පිංකම් මාලාව සිදුකෙරුණේ ඊයේ (13) රාත්‍රියේයි.

හිටපු ජනාධිපති වික්‍රමසිංහ රුවන්වැලි සෑ චෛත්‍යාරාමාධිකාරී පූජ්‍ය ඊතල වැටුණවැවේ ඥානතිලක නාහිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබාගැනීමෙන් අනතුරුව, මහා සංඝරත්නය විසින් රුවන්වැලි සෑය අභියස දී පූජාවන් පවත්වා සෙත් පිරිත් සජ්ඣායනා කර ආශිර්වාද කරනු ලැබුවා.

අනතුරුව හිටපු ජනාධිපතිවරයා අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමිපාණන් වහන්සේ බැහැදැක ආශීර්වාද ලබාගැනීමෙන් අනතුරුව අටමස්ථානාධිපති හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නයේ වැඩම වීමෙන් ශ්‍රී මහා බෝධින් වහන්සේ අභියස පැවැත් වූ බෝධි පූජාමය පිංකමට ද හිටපු ජනාධිපතිවරයා සහභාගි වුණා.

ලංකාරාම චෛත්‍යාරාමාදිකාරි පූජ්‍ය රළපනාවේ ධම්මජෝති නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනාවේ දී සඳහන් කළේ රනිල් වික්‍රමසිංහ සාසනයට මෙන්ම රටටත් විශාල මෙහෙයක් කළ ප්‍රධාන චරිතයක් බවයි.

මෙම පිංකම සඳහා අටමස්ථානයම නියෝජනය කරමින් නාහිමිපාණන් වහන්සේලා වැඩම කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56