පාකිස්ථාන හිටපු හමුදා නිලධාරීන් 03ක් ඇතුළු හතකට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

පාකිස්ථානයේ ෆෙඩරල් ත්‍රස්ත විරෝධී අධිකරණයක් පසුගිය සතියේ මාධ්‍යවේදීන් සහ සමාජ මාධ්‍ය විශ්ලේෂකයින් හත්දෙනෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර තිබෙනවා.

අධිකරණ තීන්දුවට අනුව, වරදකරුවන් වූවන් අතරට දැනට යූටියුබ්කරුවන් ලෙස කටයුතු කරන හිටපු හමුදා නිලධාරීන් තිදෙනෙකු ද වනවා.

2023 දී හිටපු අගමැති ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඇති වූ නොසන්සුන්තාවය තුළ කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් එල්ල වූ චෝදනාවලට වරදරකරුවන් කරමින් මෙම දඬුවම් පමුණුවා ඇතැයි මාධ්‍ය වාර්තා කළා.

තීන්දුවේ සඳහන් වූයේ ඔවුන් පළ කළ සමාජ මාධ්‍ය අන්තර්ගතයන් ත්‍රස්තාවදය පිළිබඳ අර්ථ දැක්වීම යටතට ගැනෙන බවයි.

දඬුවම් නියම කරන ලද මාධ්‍යවේදීන් සහ විචාරකයින් ඉම්රාන් ඛාන් හිතවාදීන් ලෙස හඳුන්වනු ලබන අතර, ඔවුන් පකිස්ථානයේ බලවත් හමුදා සහ සිවිල් සංස්ථාපිතය මෙන්ම වත්මන් සභාග රජය දැඩි ලෙස විවේචනය කරන්නන් බව සඳහන්.

නඩු විභාගය පැවැත්වුණේ මේ වන විට පාකිස්ථානයෙන් පිටත ජීවත්වන ඔවුන්ගේ සහභාගීත්වයකින් තොරවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු ජනපති උපදේශකයෙක් ගැන ඇස් උඩයන හෙළිදරව්වක් ? - රනිල්ගේ කාලේ කරපු අවභාවිතාවක් ?
06:25
Video thumbnail
රවී කරුණානායකගේ නිවසට හදිසියේම අල්ලස් කොමිසමෙන් එයි - මෙන්න එහි නවතම දර්ශන
00:32
Video thumbnail
අකිලගේ ෂෙඩ් එකේ තෙල් ගහන්න ගත්තෙත් රජයේ පඩි ලබපු සේවකයෙක් - එයාලගේ සුරසැප සේරම නැතිවෙනවා
03:41
Video thumbnail
යටිනුවර මැද පළාත සමූපකාරයට දැඩි විරෝධයක් - තමන්ගේ හිතුමනාපෙට මේ සියල්ල පැහැර හැරලා
05:10
Video thumbnail
මන්නාරම් ද්‍රෝණියේ ගෑස් තෙල් නිධි ලබා ගැනීම ගැන විශේෂ හෙළිදරව්වක් - ආර්ථිකයේ හොඳ පිම්මක්
05:33
Video thumbnail
ලොක්කෝ දාන්න වෙනම වැලිසර විශේෂ බන්ධනාගාර හැදුවා - දේශපාලන ජාලයම හෙළිවෙනවා
02:43
Video thumbnail
නීතිය නැවෙන්නේ නෑ කොහෙවත් - සමහර අය අච්චු කළා..ඉතුරු අයටත් ළඟදිම ලැබෙයි
03:01
Video thumbnail
මැතිවරණ සමයෙන් පසුවත් රජය සංවර්ධන නිලධාරීන් රවට්ටනවා - රජයේ ඇන්දවිල්ලට ඔයාලා වහල් වෙන්න එපා
05:03
Video thumbnail
අද උදෑසනම ගාල්ලට ඇදහැලුණු මහ වැස්ස - මෙන්න එහි දර්ශන
02:22
Video thumbnail
බෝර දොලහේ පතුරම් යෙදිය හැකි හදුනා නොගත් ගිනි අවියක් ගගේයායෙන් කොටුවෙයි
00:56