නව වාහන ලියාපදිංචි කිරීමේදී හා අයිතිය පැවරීමේදී බදු ගෙවන්නන් හඳුනාගැනීමේ අංකය (TIN අංකය) අනිවාර්ය බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව යතුරුපැදි, අත්ට්‍රැක්ටර්, ට්‍රැක්ටර්, ට්‍රැක්ටර් ටේලර් සහ ත්‍රිරෝද රථ හැර අනෙකුත් සියලුම වාහන ලියාපදිංචියේ දී හා අයිතිය පැවරීමක දී, අදාළ නව අයිතිකරුගේ ජාතික හැඳුනුම්පත ව්‍යාපාර ලියාපදිංචි අංකය හා බදු ගෙවන්නන් හඳුනා ගැනීමේ අංකය මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නව ලියාපදිංචි දත්ත පද්ධතියට සහ අයිතිය පැවරීමේ පද්ධතියට
2026.01.05 දින සිට ඇතුළත් කිරීම අනිවාර්ය බවයි දැනුම් දෙන්නේ.














Make Tin number above 650cc vhaicle