2023 ක්‍රිකට් ලෝක ශූරයින්ට පිරිනැමෙන කුසලානය අභ්‍යවකාශයට

2023 එක්දින ක්‍රිකට් ලෝක ශූරයින් වෙත පිරිනැමෙන කුසලානය අභ්‍යවකාශය වෙත යවා ඇති බව වාර්තා වනවා.

ලෝක කුසලානය ආන්තික බැලූනයකට සවි කිරීමෙන් පසුව පෘතුවියේ සිට අඩි 120,000ක් ඉහළින් මෙලෙස අභ්‍යවකාශයට අයව ඇති බවයි වාර්තා වන්නේ.

එලෙස අභ්‍යවකාශ ගතකළ කුසලානයේ විශ්මය ජනක ඡායාරූප කිහිපයක් ද අධි තාක්ෂණික කැමරා යොදාගනිමින් ලබාගැනීමට කටයුතු කර තිබෙනවා .

මෙලෙස අභ්‍යවකාශ ගතකළ ලෝක කුසලානය ඉන්දියාවේ අහමදාබාද් නුවර නරේන්ද්‍ර මෝදි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය වෙත ගොඩබස්සවා ඇති බවයි වාර්තා වුණේ.

මේ අතර 2023 එක්දින ක්‍රිකට් ලෝක ශූරයින් වෙත පිරිනැමෙන කුසලානය මහාද්වීප පහක් පුරා රටවල් 18කට රැගෙන යාමට නියමිතව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
6
+1
2
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?