2023 ක්‍රිකට් ලෝක කුසලානයේ ත්‍යාග මුදල් ප්‍රකාශයට පත් කරයි

2023 ICC ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ත්‍යාග මුදල් සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අනාවරණ කර තිබෙනවා.

13 වන වරට පැවැත්වෙන ICC පිරිමි ක්‍රිකට් ලෝක කුසලානයේ මෙවර කණ්ඩායම් 10ක් තරග වැදීමට නියමිතයි.

සමස්ත තරගාවලිය සඳහා ජයග්‍රාහකයන් වෙත පිරිනැමීමට වෙන්කර ඇති මුදල ඇමරිකානු ඩොලර් මිලියන 10ක්.

ඒ අතුරින් නොවැම්බර් 19 වන දින අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අවසන් මහා තරගයේ ජයග්‍රාහකයින්ට කුසලානය සමඟින් ඇමරිකානු ඩොලර් මිලියන 4ක මුදල් ත්‍යාගයක් හිමි වනු ඇති.

අනුශූරයන්ට ඇමෙරිකානු ඩොලර් මිලියන 2ක් ලබාදීමටයි සැලසුම් කර ඇත්තේ.

පරාජයට පත්වන අවසන් පූර්ව තරගකරුවන්ට ඩොලර් 800,000 බැගින් හිමි වනවා. තරග 48කින් සමන්විත මෙවර ක්‍රිකට් ලෝක කුසලානය ඔක්තෝබර් 5 වැනිදා සිට ක්‍රීඩාංගණ 10කදී පැවැත් වීමට නියමිතයි.

මෙතෙක් පැවැත්වෙන දැවැන්තම ක්‍රිකට් ලෝක කුසලානය වන මෙහි ජයග්‍රහණය කරන සෑම ලීග් තරඟයක් සඳහාම ත්‍යාග ලබාදීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සැලසුම් කර තිබෙනවා. සියලු කණ්ඩායම් රවුන්ඩ් රොබින් ක්‍රමයට (round-robin format) එක් වරක් අනෙක් කණ්ඩායම් සියල්ල සමඟ ක්‍රීඩා කරනු ඇති.

කණ්ඩායම් අදියරේ සෑම තරගයකම ජයග්‍රාහකයින්ට ඇමෙරිකානු ඩොලර් 40,000ක් හිමිවන අතර අවසන් පූර්ව වටයට සුදුසුකම් නොලබන කණ්ඩායම් 6ට ඇමෙරිකානු ඩොලර් 100,000ක මුදලක් හිමි වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
2
+1
2
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37
Video thumbnail
විපතට පත්වූවන්ට පිහිටවෙන්න "අප්පච්චි" එයි.."අප්පච්චි බුදුවෙන්න ඕනේ මිහිපිටට දිව්‍ය පුත්‍රයෙක්"
06:42
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.19
00:00
Video thumbnail
"ගෝඨාගේ ආණ්ඩුවට වෙච්ච දේමයි මේකට වෙන්නෙත්"වැඩ දන්නවනම් මෙහෙම ඇ#ගන්නේ නෑනේ..
08:33


?