2023 ක්‍රිකට් ලෝක කුසලානයේ ත්‍යාග මුදල් ප්‍රකාශයට පත් කරයි

2023 ICC ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ත්‍යාග මුදල් සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අනාවරණ කර තිබෙනවා.

13 වන වරට පැවැත්වෙන ICC පිරිමි ක්‍රිකට් ලෝක කුසලානයේ මෙවර කණ්ඩායම් 10ක් තරග වැදීමට නියමිතයි.

සමස්ත තරගාවලිය සඳහා ජයග්‍රාහකයන් වෙත පිරිනැමීමට වෙන්කර ඇති මුදල ඇමරිකානු ඩොලර් මිලියන 10ක්.

ඒ අතුරින් නොවැම්බර් 19 වන දින අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අවසන් මහා තරගයේ ජයග්‍රාහකයින්ට කුසලානය සමඟින් ඇමරිකානු ඩොලර් මිලියන 4ක මුදල් ත්‍යාගයක් හිමි වනු ඇති.

අනුශූරයන්ට ඇමෙරිකානු ඩොලර් මිලියන 2ක් ලබාදීමටයි සැලසුම් කර ඇත්තේ.

පරාජයට පත්වන අවසන් පූර්ව තරගකරුවන්ට ඩොලර් 800,000 බැගින් හිමි වනවා. තරග 48කින් සමන්විත මෙවර ක්‍රිකට් ලෝක කුසලානය ඔක්තෝබර් 5 වැනිදා සිට ක්‍රීඩාංගණ 10කදී පැවැත් වීමට නියමිතයි.

මෙතෙක් පැවැත්වෙන දැවැන්තම ක්‍රිකට් ලෝක කුසලානය වන මෙහි ජයග්‍රහණය කරන සෑම ලීග් තරඟයක් සඳහාම ත්‍යාග ලබාදීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සැලසුම් කර තිබෙනවා. සියලු කණ්ඩායම් රවුන්ඩ් රොබින් ක්‍රමයට (round-robin format) එක් වරක් අනෙක් කණ්ඩායම් සියල්ල සමඟ ක්‍රීඩා කරනු ඇති.

කණ්ඩායම් අදියරේ සෑම තරගයකම ජයග්‍රාහකයින්ට ඇමෙරිකානු ඩොලර් 40,000ක් හිමිවන අතර අවසන් පූර්ව වටයට සුදුසුකම් නොලබන කණ්ඩායම් 6ට ඇමෙරිකානු ඩොලර් 100,000ක මුදලක් හිමි වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14