20-20 ලෝක කුසලානයේ අවසන් මහා සංග්‍රාමය අද රාත්‍රියේ

2024 පන්දුවාර 20-20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා සංග්‍රාමය අද (29) රාත්‍රියේ පැවැත්වෙනවා.

බාර්බඩෝස් හි බ්‍රිජ්ටවුන් හිදී මෙවර අවසන් මහා තරගය පැවැත්වෙන අතර, අවසන් මහා තරගය සඳහා ඉන්දීය කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම තරග වැදීමට නියමිතයි.

මෙවර තරගාවලියේ දී ඉන්දීය කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම තමන් සහභාගී වූ සියලු තරග ජයග්‍රහණය කර අපරාජිතයින් ලෙස අවසන් මහා තරගය සඳහා පැමිණ සිටීම ද විශේෂත්වයක්.

20-20 ලෝක කුසලාන තරග ඉතිහාසය තුළ ඉන්දීය කණ්ඩායම අවසන් මහා තරගයක් සදහා ක්‍රීඩාකරන තුන්වන අවස්ථාව මෙය වන අතර, මීට වසර 10කට පෙර එනම් 2014 වසරේ දී ඉන්දියාව 20-20 ලෝක කුසලාන අවසන් මහා තරගයක් සඳහා අවසන් වරට ක්‍රීඩා කරනු ලැබුවා.

මේ අතර දකුණු අප්‍රිකානු කණ්ඩායම 20-20 ලෝක කුසලාන තරග ඉතිහාසයේ අවසන් මහා තරගයක් සඳහා එක්වන්නේ පළමුවරට වීම ද විශේෂත්වයක්.

මෙවර ලෝක කුසලානය පැවැත්වීම සඳහා ඇමරිකානු එක්සත් ජනපදය සහ බටහිර ඉන්දීය කොදෙව් දේශය තෝරා ගැනීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් කටයුතු කර තිබුණා.

අද පැවැත්වෙන අවසන් මහා තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 8.00ට ආරම්භ වන අතර, මෙවර 20-20 ලෝක ශූරතාවයේ ජයග්‍රාහකයින් කවුරුන් ද යන්න දැකබලා ගැනීම සඳහා ලොවපුරා සිටින ක්‍රිකට් ක්‍රීඩාලෝලීන් අද රාත්‍රියේ නොනිදා බලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සංගීත ප්‍රසංගය 10.30 නතර කරන්න කියපු නිසා ප්‍රේක්ෂකයෝ පොලිසියේ කකුල් අල්ලලා වැඳ වැටෙයි
07:17
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57
Video thumbnail
විදුලිබල මණ්ඩලයේ සභාපතිට මණ්ඩලය දුන්නා කියන්නේ නරියට කුකුල් කූඩුව භාර දුන්නා වගේ වැඩක්
06:41
Video thumbnail
හඬා වැටෙමින් පිල්ලයාන් කියපු තවත් දේවල් මෙන්න
19:26
Video thumbnail
පිල්ලයාන් කියන්නේ දේශප්‍රේමියෙක් - රහස් රැසක් එළියට ආ මාධ්‍ය හමුව
38:51
Video thumbnail
සජබය ආණ්ඩුවට සැරටම දෙහි කපයි - අපිට ගොඩක් දුකයි මේ වැඩවලට
06:19
Video thumbnail
පෝය දෙකයි - අපි දෙන්නම් උපකාරක පංති - ඇමති තෝ කොහෙද බොල ඉන්නේ
03:59
Video thumbnail
පිල්ලයාන්ගේ නීතිඥයා දැන් ගම්මන්පිල - මේවට තමයි කුමන්ත්‍රණ කියන්නේ
08:21
Video thumbnail
හිස තෙල් ගාන්න පන්සල් ආපු අලියා - අන්තිමට හාමුදුරුවන්ටත් වැඳලා යන්නේ
00:59
Video thumbnail
හදිසි අවස්ථාවක් - හදිසි අවස්ථාවක් - රනිල් හදිසියේ මාධ්‍ය කැඳවයි
05:12

?