20-20 ලෝක කුසලාන පිටියේ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට තවත් පෙරළිකාර ජයක්

විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා පිළ සහභාගී වූ දෙවන තරගයෙන් අති විශිෂ්ඨ ජයක් ලබන්නට ඊයේ රාත්‍රියේ හැකියාව ලැබුණා.

ඒ මෙම තරගයේ දී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූ බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායම කඩුලු 07කින් පරාජය කරමින්.

මෙම තරගයේ ජයත් සමඟ ශ්‍රී ලංකා පිළට ඔවුන් සහභාගීවන කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට ද හැකියාව ලැබුණා.

කේප්ටවුන්හි දී පැවැති මෙම තරගයේ දී පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ ක්‍රීඩිකාවන් නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 08ක් දැවී 126ක් රැස් කළා.

එහිදී ඕෂදී රණසිංහ බංග්ලාදේශ ඉනිමේ කඩුලු 03ක් සහ නායිකා චමරි අතපත්තු කඩුලු 02ක් දවා ගනිමින් බංග්ලාදේශ ක්‍රීඩිකාවන්ගේ ලකුණු සොයා යාමේ ගමන අඩපණ කිරීමට සමත් වුණා.

ලකුණු 127 ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් එම ඉලක්කය පන්දුවාර 18යි පන්දු 02ක් තුළ කඩුලු 03ක් පමණක් දැවී පසුකර ගියා.

එහිදී පන්දු 74ක් තුළ ලකුණු 104ක වටිනා නොදැවුණු සම්බන්ධතාවක් ගොඩනඟමින් හර්ෂිතා සහ නිලක්ෂි ශ්‍රී ලංකා පිළ ජයග්‍රහණය කරා රැගෙන යාමට කටයුතු කළා.

හර්ෂිතා සමරවික්‍රම පන්දු 50ක් තුළ ලකුණු 69ක් සහ නිලක්ෂි ද සිල්වා පන්දු 38ක් තුළ ලකුණු 41ක් රැස් කිරීමට සමත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
14
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21