AFC Banner
Empty Ad
Empty Ad

20-20 තරගාවලියේ ජය කොදෙව් ක්‍රීඩිකාවන්ට

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමඟ පැවති තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය ජයගන්නට බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම අද (28) සමත් වුණා.

ඒ, දෙරට අතර හම්බන්තොට දී පැවති තුන්වන සහ අවසන් විස්සයි විස්ස තරගය කඩුලු 06කින් බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම ජයගැනීමත් සමඟයි.

අද පැවති තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 07ක් දැවී ලකුණු 141ක් රැස්කළා.

අනතුරුව ලකුණු 142ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම ඉනිමේ එක් පන්දුවක් ඉතිරිව තිබිය දී කඩුලු 04ක් පමණක් දැවී ලකුණු 142ක් රැස්කරගනිමින් තරග ජයගත්තා.

දෙරට අතර පැවති පළමු විස්සයි විස්ස තරගය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් කඩුලු 04 කින් ජයගත් අතර, දෙවැනි තරගය කෙදෙව් ක්‍රීඩිකාවන් ජයගත්තේ කඩුලු 06 කින්.

මේ අතර දෙරට අතර පැවති තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ජයගත් අතර, බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය තුළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා කැපී පෙනුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?