20-20 තරගාවලියේ ජය කොදෙව් ක්‍රීඩිකාවන්ට

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමඟ පැවති තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය ජයගන්නට බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම අද (28) සමත් වුණා.

ඒ, දෙරට අතර හම්බන්තොට දී පැවති තුන්වන සහ අවසන් විස්සයි විස්ස තරගය කඩුලු 06කින් බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම ජයගැනීමත් සමඟයි.

අද පැවති තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 07ක් දැවී ලකුණු 141ක් රැස්කළා.

අනතුරුව ලකුණු 142ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම ඉනිමේ එක් පන්දුවක් ඉතිරිව තිබිය දී කඩුලු 04ක් පමණක් දැවී ලකුණු 142ක් රැස්කරගනිමින් තරග ජයගත්තා.

දෙරට අතර පැවති පළමු විස්සයි විස්ස තරගය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් කඩුලු 04 කින් ජයගත් අතර, දෙවැනි තරගය කෙදෙව් ක්‍රීඩිකාවන් ජයගත්තේ කඩුලු 06 කින්.

මේ අතර දෙරට අතර පැවති තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ජයගත් අතර, බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය තුළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා කැපී පෙනුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉල්ලා අස්වුණු ශම්මි සිල්වා පිටව ගිය හැටි
00:21
Video thumbnail
විශ්ව විද්‍යාල ශිෂ්‍යයයින් අධ්‍යාපන අමාත්‍යංශය වට කරයි..අපේ සටන පුළුවන්නම් නවත්තපන්
02:44
Video thumbnail
ජාත්‍යන්තර සාම පා ගමන සමාප්ති රාජ්‍ය උත්සවය
02:00:56
Video thumbnail
ශම්මි සිල්වා ප්‍රමුඛ ක්‍රිකට් විධායක කමිටුව ඉල්ලා අස්වෙයි
01:14
Video thumbnail
සුගීෂ්වර ඇතුළු සෙට් එකව ගමේ මිනිස්සු හූ කියලා එලවයි
01:13
Video thumbnail
පාතාලය මර්දනය කරන්න්න තුවක්කුවෙන් විතරක් බෑ..පුංචි දේකින් අපේ කඳුළු වට්ටන්න පුලුවන්
09:50
Video thumbnail
මහ බැංකුවේ අධිපති හා මුදල් ලේකම්ව කැඳවන්න දැනටමත් ලියුම් ගහලා ඉවරයි..ප්‍රශ්න රාශියක් තියෙනවා අහන්න
06:24
Video thumbnail
එහෙ මෙහෙ පනින වඳුරු මනසක් අපිට තියෙන්නේ..අපි මනුෂ්‍යත්වයේ දිවයින වෙමු
18:56
Video thumbnail
Praharaya | සමගි ජන බලවේගයේ පා.ම මුජිබුර් රහුමාන් සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
00:00
Video thumbnail
ශම්මි සිල්වා ප්‍රමුඛ ක්‍රිකට් විධායක කමිටුව ඉල්ලා අස්වෙයි
02:48