නඩු වැඩි කරගන්න පොලිස් SI තරුණයින් අල්ලා කුඩු නඩුවලට පටලනවා – මානව හිමිකම් කොමිසමට පැමිණිලි

ගල්කිස්ස කොට්ඨාසයේ පොලිසියක උප පොලිස් පරීක්ෂකවරයෙකු වැඩි නඩු ගණනක් පෙන්වීම සඳහා තරුණයන් අනීතිකව පොලිස් භාරයට ගෙන මත්ද්‍රව්‍ය නඩු පවරන බවට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිලි රැසක් ලැබී තිබෙනවා.

මෙලෙස චෝදනා එල්ල වී ඇත්තේ ප්‍රසන්න නමැති උප පොලිස් පරීක්ෂකවරයෙකුට එරෙහිවයි.

ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විමර්ශනයක් ද ආරම්භ කර තිබෙනවා.

ගල්කිස්ස කොට්ඨාසයේ උසස් පොලිස් නිලධාරියෙකුගේ ද උපදෙස් මත මෙම නිලධාරියා අනීතික ක්‍රියාවලියේ නිරතව සිටින බව ද එම පැමිණිලි මගින් චෝදනා කර ඇත.

එමෙන්ම මෙම නිලධාරියා ඇතුළු නිලධාරීන් පිරිසක් ගල්කිස්ස ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථානයකට පැමිණ එහි කළමණාකරුට පහරදීමේ සිද්ධියක් ගැන ද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිලි කර ඇති බව සඳහන්.

පහරකෑමට ලක්වූ කළමනාකාරවරයා මාර්ගගතව සම්බාහන මධ්‍යස්ථානය පවත්වාගෙන යන අයකු බවත් එහි පැමිණ සේවය ලබාගත් පුද්ගලයෙකු මුදල් නොගෙවීම මත එම පුද්ගලයා විසින් මුදල් රැගෙන එනතුරු ජංගම දුරකථනය එහි තබා පිටව ගොස් ඇති බවත්, පසුව චෝදනාවට ලක්වන ප්‍රසන්න නමැති උප පොලිස් පරීක්ෂකවරයා පැමිණ එහි කළමනාකරුට පහරදී ඇති බවත් මේ සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිලි සිදුකළ බවයි නීතිඥ නාමල් රාජපක්ෂ සඳහන් කළේ.

මේ අතර ගල්කිස්ස ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථාන ඇතුළු ව්‍යාපාරික ස්ථානවලින් පොලිස් නිලධාරීන් පැමිණ මුදල් කප්පම් ලබාගැනීම් වැඩිව ඇති බවත් චෝදනාවට ලක්වන උප පොලිස් පරීක්ෂකවරයා ද එහි සිටින බවත් මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් ව්‍යාපාරිකයෝ සඳහන් කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපිට බොන්නවත් හරියට වතුර නෑ - රජයෙන් අපිට විසඳුමක් ලබාදෙන්න
03:53
Video thumbnail
මහා පරිමාණ ගංජා වගාවක් හම්බෙගමුව පොලිසිය වටලයි
00:27
Video thumbnail
පස් දෙනෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුරට පෙර කට්ටිය හිනා වෙවී සතුටින් හිටිය හැටි
03:12
Video thumbnail
පොලිසියට චණ්ඩි පාට් දාපු පුද්ගලයාව පොලිසියෙන් කුදලන් ගිය හැටි
01:25
Video thumbnail
රටට තියන එකම විකල්පය සජබයයි - ජනතාව අසරණ වෙලා ඉන්නේ
02:52
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26