පාකිස්තානයේ පැවැත්වෙන එළඹෙන විස්සයි විස්ස තුනකින් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ උප නායකයා ලෙස හිටපු නායක දසුන් ශානක නම් කිරීමට වැඩි ඉඩක් පවතින බව වාර්තා වනවා.
කෙසේ වෙතත් චරිත් අසලංක කණ්ඩායමේ නායකත්වය දරනු ඇති.
ශ්‍රී ලංකා කණ්ඩායමට මෑත කාලීන ජාත්‍යන්තර සංචාරවලදී නම් කරන ලද උප නායකයෙකු නොසිටි අතර, අසලංකගේ නායකත්වයට සහාය වීම සඳහා නියෝජ්‍ය භූමිකාවක් පත් කිරීමට තේරීම් කමිටුව මේ වනවිට සලකා බලමින් සිටිනවා.
ඒ අනුව කණ්ඩායමේ වඩාත්ම පළපුරුදු විස්සයි විස්ස ක්‍රීඩකයෙකුවන දසුන් ශානක, ඔහුගේ අතීත නායකත්ව අත්දැකීම් අනුව එම තනතුර වෙනුවෙන් නම් කිරීමට වැඩි ඉඩක් පවතින බවයි ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
+1
2
+1
1
+1
1
+1
2
+1





