Empty Ad
Empty Ad
AFC Banner

20-20 ලෝක කුසලානයේ අවසන් මහා සංග්‍රාමය අද රාත්‍රියේ

2024 පන්දුවාර 20-20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා සංග්‍රාමය අද (29) රාත්‍රියේ පැවැත්වෙනවා.

බාර්බඩෝස් හි බ්‍රිජ්ටවුන් හිදී මෙවර අවසන් මහා තරගය පැවැත්වෙන අතර, අවසන් මහා තරගය සඳහා ඉන්දීය කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම තරග වැදීමට නියමිතයි.

මෙවර තරගාවලියේ දී ඉන්දීය කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම තමන් සහභාගී වූ සියලු තරග ජයග්‍රහණය කර අපරාජිතයින් ලෙස අවසන් මහා තරගය සඳහා පැමිණ සිටීම ද විශේෂත්වයක්.

20-20 ලෝක කුසලාන තරග ඉතිහාසය තුළ ඉන්දීය කණ්ඩායම අවසන් මහා තරගයක් සදහා ක්‍රීඩාකරන තුන්වන අවස්ථාව මෙය වන අතර, මීට වසර 10කට පෙර එනම් 2014 වසරේ දී ඉන්දියාව 20-20 ලෝක කුසලාන අවසන් මහා තරගයක් සඳහා අවසන් වරට ක්‍රීඩා කරනු ලැබුවා.

මේ අතර දකුණු අප්‍රිකානු කණ්ඩායම 20-20 ලෝක කුසලාන තරග ඉතිහාසයේ අවසන් මහා තරගයක් සඳහා එක්වන්නේ පළමුවරට වීම ද විශේෂත්වයක්.

මෙවර ලෝක කුසලානය පැවැත්වීම සඳහා ඇමරිකානු එක්සත් ජනපදය සහ බටහිර ඉන්දීය කොදෙව් දේශය තෝරා ගැනීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් කටයුතු කර තිබුණා.

අද පැවැත්වෙන අවසන් මහා තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 8.00ට ආරම්භ වන අතර, මෙවර 20-20 ලෝක ශූරතාවයේ ජයග්‍රාහකයින් කවුරුන් ද යන්න දැකබලා ගැනීම සඳහා ලොවපුරා සිටින ක්‍රිකට් ක්‍රීඩාලෝලීන් අද රාත්‍රියේ නොනිදා බලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපති අරමුදලෙන් මුදල් ගත්ත ගරු අසරණ සරණලා
05:07
Video thumbnail
ඡන්දය දිනන්න බොරු කිව්වා කියලා පිළිගන්න
05:08
Video thumbnail
නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
00:00
Video thumbnail
ආර්ථික ඔස්තාර් හර්ෂ කාන්තා හඬක් ඉදිරියේ ගොළු වෙයි
18:54
Video thumbnail
ගජේන්ද්‍ර කුමාරට අම්මා අප්පා මතක් කළ බත්තරමුල්ලේ සීලරතන හිමි
07:49
Video thumbnail
රනිල් සහ ඔයාලා අටවපු උගුලෙන් - මේ රට අපි අනිවාර්යෙන්ම බේරගන්නවා
15:43
Video thumbnail
ජනතාවට තවත් කොලේ වහන්න එපා - වසන්ත ආණ්ඩුවට සැරටම දෙසයි
04:37
Video thumbnail
🔴 LIVE | පාර්ලිමේන්තු සජීවී විකාශය 2024-12 -17
05:30:57
Video thumbnail
මහින්ද රාජපක්ෂගේ ආරක්ෂවට හිටි අය මැදමුලනේ පොල් කඩලා - ඇස් දෙකෙන් දැක්ක දේ කියන්නේ
09:04
Video thumbnail
නිලන්ති කොට්ටහච්චි පාර්ලිමේන්තුව දෙවනක් කරයි - විපක්ෂය මීක් නෑ...
14:16

?