ඊශ්‍රායල – පලස්තීන යුද්ධයෙන් සිසුන් 13000කට වැඩි පිරිසක් මියගිහිං

ඊශ්‍රායලය සහ පලස්තීනය අතර දිගු කලක සිට පවතින දේශ සීමා සහ වාර්ගික ජන අර්බුදය හේතුවෙන් උද්ගත වූ යුද තත්ත්වයෙන් බටහිර ගාසා ඉවුරේ සිටි පලස්තීන සිසුන් 13,000කට අධික සංඛ්‍යාවක් මියගොස් ඇති බව පලස්තීන රජය පවසනවා.

අල් ජසීරා පුවත් සේවය වාර්තා කරන්නේ; පලස්තීන අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මෙම කරුණු මාධ්‍යයට අනාවරණය කර ඇති බවයි.

යුද්ධය ආරම්භ වූ දා සිට මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාරවලින් සිසුන් දසදහස ඉක්මවමින් මියගොස් ඇති සේ ම 20,942ක් බරපතළ තුවාල ලබා ඇති බවත් පලස්තීනය පෙන්වා දෙනවා.

අද (17) දිනය වනවිටත් ඊශ්‍රායලය නො නැවතී පලස්තීනයේ ගාසා තීරයට ප්‍රහාර එල්ල කරමින් අවම වශයෙන් එහි සිටින සිවිල් වැසියන් දසදෙනෙකු හෝ අවම වශයෙන් මරා දමන්නට ඇතැයි පලස්තීන රජය සැක පළ කරනවා.

එමෙන්ම ගාසා තීරයේ උතුරු කොටසේ පිහිටි කමාල් ඇඩ්වාන් රෝහලට පහර දී එහි විදුලි පද්ධතියටම හානි පමුණුවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රයිසස් පවසා ඇත්තේ ඇඩ්වාන් රෝහල ඇත්තේ භයානක අඩියක බවයි.

එබැවින් වහාම මෙම ප්‍රහාර එල්ල කිරීම නතර කරන ලෙස ඊශ්‍රායලයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය ද ඉල්ලා සිටිනවා.

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධය 2023 ඔක්තෝබර් 7 සිට මේ දක්වා පහරදීම් සිදු කෙරෙන අතර ඉන් අවම වශයෙන් පලස්තීනුවන් 45,059 ක් මියගොස් 107,041 ක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

හමාස් විසින් මෙහෙයවන ලද ප්‍රහාරවල දී ඊශ්‍රායලයේ අවම වශයෙන් පුද්ගලයින් 1,139 ක් මියගොස් 200කට වැඩි පිරිසක් අනාථ කඳවුරුවලට යොමු කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39