ICC පිටියේ ටෙස්ට් මුලසුන කැන්ගරුවන්ට – T20 පිටියේ ශ්‍රී ලංකාවට 08 වැනි තැන

ICC ටෙස්ට් කණ්ඩායම් අද (17) දිනයේ දී ශ්‍රේණිගත කිරීම් යාවත්කාලීන කර තිබෙනවා.

එම යාවත්කාලීන කිරීම් අනුව ICC ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් හි ඔස්ට්‍රෙලියාව පළමු තැන රඳවා ගැනීමට තවදුරටත් සමත්ව සිටිනවා.

ටෙස්ට් තරග 30කට එක්වෙමින් මෙම වසරේ දී ඔවුන් ලබා ඇති ප්‍රසාද ලකුණු ගණන 3715ක්.

ඉන්දියාවට මෙම ලැයිස්තුවේ දෙවැනි ස්ථානය හිමිව ඇත්තේ ටෙස්ට් තරග 33කට ක්‍රීඩා කරමින් ප්‍රසාද ලකුණු 3654ක් හිමිකර ගැනීම හේතුවෙන්.

මෙම ලැයිස්තුවේ පිළිවෙළින් දකුණු අප්‍රිකාව, එංගලන්තය සහ නවසීලන්තය තෙවැනි, සිව්වැනි සහ පස්වැනි ස්ථාන හිමිකරගෙන සිටිනවා.

මේ අතර ICC ටෙස්ට් පන්දු යවන්නන්ගේ මුලසුන ඉන්දීය ක්‍රීඩක ජස්ප්‍රිට් බුම්‍රා හට හිමි ව තිබෙනවා.

දෙවැනි ස්ථානය දකුණු අප්‍රිකාවේ කගිසෝ රබාඩා හා තෙවැනි තැන ඔස්ට්‍රෙලියාවේ හේසල්වුඩ් හට ලැබී ඇති අතර ටෙස්ට් නායක පැට් කමින්ස් ස්ථානයක් ඉදිරියට එමින් සිව්වැනි ස්ථානයට හිමිකම් කියනවා.

මුල් තිදෙනා අතර සිටි රවිචන්ද්‍රන් අශ්වින් එක් ස්ථානයක් පහතට බැස පස්වැනි තැනට පත් ව තිබෙනවා.

එමෙන්ම ටෙස්ට් තුන් ඉරියව් ක්‍රීඩකයින් අතර ස්ථාන දෙකකින් ඉදිරියට ඒමට බංග්ලාදේශයේ මෙහිඩි හසාන්ට හැකි ව තිබෙනවා.

ඒ අනුව නවතම ශ්‍රේණිගත කිරීම් අනුව මෙහිඩි දෙවැනි තැනට පත් ව සිටිනවා.

රවිචන්ද්‍රන් අශ්වින් තුන්වැනි තැනට ඇද වැටෙමින් රවීන්ද්‍ර ජඩේජා ලොව හොඳම ටෙස්ට් තුන් ඉරියව් ක්‍රීඩක ලැයිස්තුවේ ස්ථාන තමන් නමින් වෙන් කරවා ගෙන තිබෙනවා.

මේ අතර දෙසැම්බර් මස 15 වැනි දින සිදු කළ T20 ශ්‍රේණිගත කිරීම් අනුව දකුණු අප්‍රිකානු කණ්ඩායම එක් ස්ථානයක් ඉහළට පැමිණ තිබෙනවා.

ඔවුන්ට පස්වැනි ස්ථානය හිමිව ඇති අතර නවසීලන්තය එක් ස්ථානයක් පහතට බැස සයවැනි තැන හිමිකරගෙන තිබෙනවා.

ලොව T20 පිටියේ ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ 08 වැනි ස්ථානයයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30