එක්සත් ජාතීන්ට තර්ජනයක් වුණු චීන රන් කැණීම

කොංගෝ රාජ්‍යයේ චීන පාලනාධිකාරියක් යටතේ ඇති රන් ආකරයක කැණීම් කටයුතු හේතුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඊට කනස්සල්ල පළ කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ චීනය දීර්ඝ කාලයක සිට සිදු කරන මෙම රත්‍රං කැණීම් කටයුතු හේතුවෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂිත පද්ධතිය යටතේ ඇති වනාන්තර අඩවි තර්ජනයකට එය ලක්ව ඇති බවයි.

කොංගෝ රාජ්‍යයේ ඉටුරි ගං ඉවුරේ මෙම කැණීම් කටයුතු සිදු කෙරෙන අතර කැණීම් සඳහා යොදා ගන්නා දොඹකර ආදී යන්ත්‍ර සූත්‍ර හේතුවෙන් අවට ප‍රිසරයට සහ ජීවි ක්‍රියාකාරීත්වයට දැඩි තර්ජනයක් එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.

ආරක්ෂිත වන අඩවියක කොටසක් වන මෙම භූමි ප්‍රදේශය මේ වනවිට සම්පූර්ණයෙන් ම මුඩු බිමක් ව ඇත්තේ චීන පාලනාධිකාරිය විසින් සියලු ම ශාක කඳන් කපා ඉවත් කර තිබීම හේතුවෙන්.

එම ප්‍රදේශයේ ජනතාව චීන රන් ආකරයට දැඩි විරෝධය පළ කරන බවත් වාර්තා වනවා.

චීනයේ රන් ආකාර කැණීමට මෙලෙස නතු ව ඇත්තේ වඳවීමේ තර්ජනයට මුහුණපා ඇති ලෝක උරුම අඩවි වන රක්ෂිතයක් වන ඔකාපි වනබිම බවයි පැවසෙන්නේ.

චීන ක්‍රියාපටිපාටිය හේතුවෙන් පතල් කැණීම් එම ප්‍රදේශවල ආරම්භ වී ගංගා ජලය දූෂණය වී, පාංශු ඛාදනය ඇති වී ජනගහනයට ඉන් බලපෑම් වැඩි වීම තර්ජනයක් වී ඇති බව වාර්තා වනවා.

එක්සත් රාජධානියේ Rainforest Foundation හි විධායක අධ්‍යක්ෂ, Joe Eisen පැවසුවේ, “ඒ වන විටත් අවදානම් ලැයිස්තුවේ තිබූ ආරක්ෂිත ලෝක උරුම අඩවියක් යැයි කියනු ලබන අර්ධ කාර්මික පතල් කැණීමේ මෙහෙයුමකට නිදහස් පාලනයක් වෙනුවෙන් මෙය චීනයට ලබාදීම භයානක’‘ බවයි.

වර්ග කිලෝමීටර් 13,000 (වර්ග සැතපුම් 5,000) ට වඩා වැඩි ප්‍රදේශයක් පුරා පැතිරී ඇති රක්ෂිතය 1996 දී ආරක්ෂිත ස්ථානයක් ලෙස ප්‍රකාශයට පත් කෙරුණා.

කොංගෝවේ පතල් නීතියට අනුව රක්ෂිතය ඇතුළත හා ආරක්ෂිත ප්‍රදේශවල පතල් කැණීම තහනම් වුව ද චීනයට එය බලපෑමක් නොවී ඇති බවයි වාර්තා වන්නේ.

චීන සමාගමක් වන Kimia Mining Investment හි ප්‍රකාශිකාවක් වන Issa Aboubacar පැවසුවේ තම කණ්ඩායම නීත්‍යානුකූලව මෙම ක්‍රියාදාමය සිදු කරන බවයි.

එය රජයේ වාර්තාවලට අනුව 2048 දක්වා කැණීම් කටයුතුවල බලපත්‍ර ද අලුත් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂය දඩයම් කරලා හිරේ දාන්න ආණ්ඩුව සූදානම් වෙනවා
03:56
Video thumbnail
මෛත්‍රිපාලගේ නිල නිවස සිල්ලර බඩු කඩයකට දෙන්නද යන්නේ ?නලින්දටත් හිනා ගිය ප්‍රශ්නය
01:12
Video thumbnail
ගුරුවරුන්ට බලපෑම් කරලා අමතර පංති පවත්වන එක වහාම නවත්වන්න
04:15
Video thumbnail
ඉෂාරා සෙව්වන්දි මාංචුත් නැතුව බැංකොක් යනවා වගේ ගියේ - නලින්දට කට උත්තර නැතිවුණ ප්‍රශ්නය
01:20
Video thumbnail
කොළඹ දිස්ත්‍රික් සැලසුම් කමිටුව අගමැතිනිගේ ප්‍රධානත්වයෙන් රැස්වෙයි
04:33
Video thumbnail
විනිසුරු විශ්‍රාම වයස නිසා කැබිනට් මාධ්‍ය හමුව උණුසුම් ?අහන්න ඕනි දිලිත්, ගම්මන්පිල, විමල් දාලද ?
06:40
Video thumbnail
මහානායකහිමියන්ලා දෙබිඩි පිළිවෙතක්ද අනුගමනය කරන්නේ ?නෑ නේද ? ඒ ප්‍රශ්නය Thumbnail කරන්න එපා
05:36
Video thumbnail
සජිත් ආණ්ඩුව සැරටම අමතයි - ආණ්ඩුව IMF එකේ සුරතලා වෙලා
10:51
Video thumbnail
මහානායකහිමියන්ගේ ලිපිය ඇයි මාධ්‍යයට නිකුත් නොකළේ ?ලිපිය ජනපතිට ගියා..නලින්ද කියයි ?
05:02
Video thumbnail
වැරදි කරපු කරපු දඬුවම් ලැබෙනවා - ඒකට තමයි විපක්ෂය බයවෙලා ඉන්නේ
07:25