විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයේ කාසිය වාසිය හිමිකර ගැනීමට ඉන්දීය නායකයා සමත් වුණා.
ඒ, අනුව ඔහු තීරණය කළේ බ්‍රිජ්ටවුන් හි කෙන්සිංටන් ඕවල් තණතීරුවේ පළමුව පන්දුවට පහර දීමටයි
මෙවර 20-20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයේ දී එංගලන්තය පරාජය කරමින් ඉන්දියාව අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලැබුවා.
පෙරළිකාර ඇෆ්ගනිස්ථානය අවසන් පූර්ව වටයේ දී පරාජය කරමින් දකුණු අප්‍රිකාව පළමු වරට ලෝක කුසලාන තරගාවලියක අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තා.
ඉන්දීය කණ්ඩයම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම මෙවර ලෝක කුසලානයේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා සිටින්නේ අපරාජිතව වීම ද විශේෂත්වයක්.
මේ අතර කාසිය වාසිය උරගා බැලීමෙන් අනතුරුව නායකයින් දෙදෙනාම පැවසුවේ අවසන් පූර්ව වටයේ දී ක්‍රීඩා කළ කණ්ඩායම ම මෙම අවසන් මහා තරගය සඳහා ද ක්‍රීඩා කරන බවයි.














Meme ratawal dekama rata niyojanaya kereema saha ratataa adarayakereema yana dekatama garu karana kridakayo seteema.