දිස්ත්‍රික්ක 09කට අවවාදාත්තමක නිවේදනයක්

නැගෙනහිර පළාතේත් පොළොන්නරුව, යාපනය, කිලිනොච්චි, මුලතිව්, වවුනියා, සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවල හෙට (29) දිවා කාලයේ දී උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම ” අවධානය යොමු කල යුතු” මට්ටමක පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

උණුසුම් කාලගුණ තත්වය පිළිබඳ අවවාදාත්තමක නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තෙම්න්තුව මේ බව දැනුම් දී තිබෙනවා.