වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදු වූ අනතුරකින් 07ක් රෝහල් ගත කෙරේ

පිළියන්දල – කොට්ටාව මාර්ගයේ වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අධිබලැති විදුලි සම්ප්‍රේෂණ කණුවක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

මෙම අනතුර සිදුවන අවස්ථාවේ වෑන් රථයේ හත් දෙනෙක් ගමන් කර ඇති අතර, අනතුරෙන් තුවාල ලැබූ ඔවුන් හත් දෙනාම අනතුර නිසා කළුබෝවිල රෝහලට ඇතුළත් කර තිබුණා.

අනතුරට හේතුව රියදුරට නින්ද යාම බවට පොලිසිය සැකකරනවා.

අනතුර සමග එම ප්‍රදේශයේ විදුලියද විසන්ධි වී ඇති බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්