20-20 තරගාවලියෙන් අන්ත පරාජයක් ලැබූ සිංහයින් එක්දින තරගාවලිය වෙනුවෙන් අද පිටියට

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය අද (22) ආරම්භ වනවා.

නිමා වූ විස්සයි විස්ස තරගාවලිය තරග තුනට බිංදුවක් ලෙස ශ්‍රී ලංකාව පරාජය කරමින් ජයගත් එංගලන්තය අද ඇරඹෙන එක්දින තරගාවලියට පිවිසෙන්නේ ජයග්‍රාහී මානසිකත්වයකින්.

තරගාවලයේ පළමු තරගය රිවර්සයිඩ් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන අතර, දෙවන සහ තුන්වන තරග පිළිවෙලින් ලීඩ්ස් සහ ඕවල් හිදී පැවැත්වීමටයි තීරණය කර ඇත්තේ.

අද ආරම්භ වන එක්දින තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකාව මෙහෙයවීමේ වගකීම කුසල් මෙන්ඩිස් වෙත පැවරී තිබෙනවා.

මේ අතර කුසල් මෙන්ඩිස්, චින්දු කොළඹගේ, ජනිත් ලියනගේ, පවන් රත්නායක සහ අසිත ප්‍රනාන්දු එක්දින තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා සංචිතයට එක්ව තිබෙනවා.

දෙරට අතර පළමු තරගය අද (22) මෙරට වේලාවෙන් පස්වරු 5.00ට ආරම්භ වන අතර, ශ්‍රී ලංකා කණ්ඩායම විස්සයි විස්ස තරගාවලියේ දී ලැබූ අවමන් සහගත පරාජය වසාගැනීමට එක්දින තරගාවලියේ ජය සොයා අද දිනයේ තරග බිමට පිවිසෙනු ඇති.