1990 සුවසැරිය ගිලන් රථ සේවාව වෙනස් කරන කතාවට සුව ඇමති උත්තර බඳී (වීඩියෝ)

1990 සුවසැරිය ගිලන් රථ සේවාවේ කිසිඳු වෙනස්කමක් සිදු නොකරන බව සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරනවා.

අද (21) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ “1990” අංකය හෝ “සුවසැරිය” යන නාමය වෙනස් කිරීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි.

එමෙන්ම ගිලන්රථවල දැනට පවතින වර්ණය ද වෙනස් කිරීමට තීරණයක් ගෙන නොමැති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

කෙසේ වෙතත් මෙම ගිලන් රථ සේවාව නවීකරණය කළ යුතු බව සඳහන් කළ අමාත්‍යවරයා ලෝකයේ පවත්නා අලුත් තාක්ෂනය එක්කරමින් නවීකරණ කිරීමට කටයුතු කරන බවයි.

එමෙන්ම සුවසැරිය ගිලන් රථ සේවාව වෙනුවෙන් මෙම වසරේ පමණක් අයවැයෙන් රුපියල් මිලියන 5,000ක් වෙන්කළ බවත්, ඉන්දියාව සමඟ සාකච්ඡාකර තවත් ගිලන්රථ 100ක් ලබාගැනීමට කටයුතු කරන බවත් ඔහු මෙහිදී වැඩිදුරටත් පැවසුවා.

ඊට අමාත්‍යවර ආසියානු සංවර්ධන බැංකුවෙන් ගිලන්රථ 20ක් ණය ආධාර යටතේත් ගිලන්රථ 25ක් ප්‍රධානයන් ලෙසටත් ලැබීමට නියමිත බවයි අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේ දී අනාවරණය කළේ.

ඒ, අනුව මෙම ගිලන් රථ බලඇණිය 500ක් දක්වා වර්ධනය කිරීමට කටයුතු කරන බවත් මෙහිදී සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
1
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුර කුමාර අස්වෙන්න ඕනි..ලැජ්ජයි..හර්ෂදගේ ගෙදරටම ගෙනියපු එකෙන් පේනවා විශාල හොරකමක් කියලා
02:55
Video thumbnail
තවමත් දැවෙන වැඩිහිටි නිවාසයට ආරක්ෂක අංශත් කැඳවයි..මෙන්න නවතම දර්ශන
01:05
Video thumbnail
අනතුරෙන් එළොව ගිය රණවිරුවා සහ ඔහුගේ බිරිඳගේ අවසන් කටයුතු සෝසුසුම් මැද සිදුවූ හැටි
04:41
Video thumbnail
"දෙන්නෙක් ඇතුළේ..වහලේ ගිනිගන්නවා.." වැඩිහිටි නිවාසයක ඇතිවූ ගින්නේ නොදුටු දසුන් පෙළක්..
04:49
Video thumbnail
මිල්ලනිය වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන් ගිනිබත් වෙයි..11ස් දෙනෙක් අතුරුදන් - 44ක් මුදා ගනී
01:54
Video thumbnail
ඔයාලට ඩීසල් ලීටරයක් ගන්න වෙන්නේ රු. 750ට ? - මේ ටැක්ස් එක තමයි අඩු කරලා තියෙන්නේ
03:08
Video thumbnail
වැඩිපුර තෙල් වැය වෙන්න හේතුව බාල ගල් අඟුරු නෙවෙයි..Night Peak එක ගන්න ඩීසල් පුච්චන්න වුණා
03:23
Video thumbnail
ඉන්ධන මිල වැඩිවීමට හේතු කියන CPC එක - ලෝක වෙළෙඳපොලේ මිල වැඩිවීමට සාපේක්ෂව අපේ මිල වැඩිවෙලා නෑ
08:01
Video thumbnail
සැවොම මවිත කරමින් ශබ්ද විකාශන යන්ත්‍රවලින් හමුවූ දේ
01:04
Video thumbnail
හිනාවකුත් දාගෙන අධිකරණයට ඇවිත් ගිය යෝෂිත
01:02