AFC Banner
AFC Banner
Empty Ad

19න් පහළ කාන්තා 20-20 ලෝක කුසලානයේ අවසන් මහා තරගය අද

වයස අවුරුදු 19න් පහළ කාන්තා පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (02) පැවැත්වෙනවා.

මෙවර අවසන් මහා තරගය සඳහා වත්මන් ලෝක ශූර ඉන්දීය කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම සුදුසුකම් ලබා සිටිනවා.

මලයාසියාවේ ක්වලා ලම්පූර්හිදී පැවැත්වෙන මෙම තරගයේ දී නිකී ප්‍රසාද් ඉන්දීය කණ්ඩායමට නායකත්වය ලබාදෙනවා.

දකුණු අප්‍රිකානු 19න් පහළ කාන්තා කණ්ඩායමක් ලෝක කුසලානයක අවසන් මහා තරගය සඳහා සුදුකම් ලබාගෙන ඇත්තේ පළමුවරට වන අතර කෙයිලා රෙයිනෙකේ විසින් එම කණ්ඩායමට නායකත්වය ලබාදෙනවා.

අද පැවැත්වෙන ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර අවසන් තරඟයේ ජයග්‍රාහකයා අපරාජිතව 19න් පහළ කාන්තා විස්සයි විස්ස ලෝක කුසලානය දිනාගත් පළමු කණ්ඩායම බවට ඉතිහාසයට එක්වීම ද විශේෂත්වයක්.

මෙම තරගය අද (02) මෙරට වෙලාවෙන් දහවල් 12.00ට ආරම්භ කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?