18 තෙක් මුළු රටම වසා තබන්න යයි?ඔක්තෝම්බර් 02 දක්වා දීර්ඝ කරන්නත් කියයි

ලබන මස 18 වැනිදා දක්වා දැඩි සීමා පැනවීමෙන් 7,500ත් 10,000ත් අතර ජීවිත ප්‍රමාණයක් බේරාගැනීමට හැකියාව ලැබෙනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලයේ මූලිකත්වයෙන් පත් කර තිබෙන ස්වාධීන තාක්ෂණික විශේෂඥ කමිටුව සඳහන් කරයි.

ජීවිත බේරාගැනීමට නම් කඩිනම් පියවර ගත යුතු බවත් දැනට තිබෙන දැඩි සීමා සැප්තැම්බර් මස 18 වැනිදා දීර්ඝ කළ යුතු අතරම එම දැඩිව ක්‍රියාත්මක කළ යුතු බවත් ජනතාව ඊට අනුකූල විය යුතු බවත් එම විශේෂඥ කමිටුව නිර්දේශ කර ඇත.

දැනට පරීක්ෂා කර ඇති සාම්පලවලින් සියයට 90කට වැඩි සංඛ්‍යාවකින් පෙනී යන්නේ නව කොරෝනා වයිරසයේ ඩෙල්ටා ප්‍රභේදය බස්නාහිර පළාතේ මෙන්ම අනෙක් පළාත්වලටත් පැතිර ගොස් ඇති බවත් එම කමිටුව නිකුත් කළ නවතම වාර්තාවේ දැක්වේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලයේ මූලිකත්වයෙන් පත් කර තිබෙන ස්වාධීන තාක්ෂණික විශේෂඥ කමිටුව ඊයේ රැස්වූ අතර එම කමිටුවේ ප්‍රධාන නිරීක්ෂණ, තාක්ෂණික සහ නිර්දේශ ඇතුළත් කරමින් සිය නව වාර්තාව ප්‍රකාශයට පත් කර ඇත.

අදාළ වාර්තාවට අනුව නව කොරෝනා වයිරසයේ ඩෙල්ටා ප්‍රභේදය වේගයෙන් පැතිරෙන බවත් රෝහල්වල සම්පූර්ණ ධාරිතාවට පැමිණ ඇති බවත් එමෙන්ම වයිරසයට ගොදුරු වන සෞඛ්‍ය සේවකයන්ගේ සංඛ්‍යාව වේගයෙන් වැඩි වී ඇති බවත් එම වාර්තා වේ දැක්වේ.

එමෙන්ම ඔක්සිජන් ඇතුළු අත්‍යවශ්‍ය සැපයුම් තොග ද අඩු මට්ටමක තිබෙන මෙම විශේෂඥ කමිටුව වාර්තා වේ දැක්වේ.

එමෙන්ම නිවාස තුළ ද වයිරසය පැතිරෙමින් තිබෙන බව මෙම වාර්තා වේ දැක්වේ.

මේ තත්ත්වය සැලකිල්ලට ගැනීමේ දී දැඩි සීමා පැනවිය යුතු බවත් කඩිනමින් එම පියවර ගත බවත් ජනතාව ඊට අනුකූල විය යුතු බවත් වාර්තාව පෙන්වාදෙයි.

ඒ අතරවාරයේ දී එන්නත්කරණ ක්‍රියාවලිය වේගවත් කළ යුතු බව එහි දැක්වේ.

වයිරසය සම්ප්‍රේෂණය (ව්‍යාප්තිය), වයිරස ආසාදිතයන්ගේ ගණන සහ මරණ ගණන අඩු කරගැනීමට දැඩි සීමා ගැනීමෙන් ආර්ථික යථා තත්ත්වයට පත් කරගැනීම ඉක්මන් කරගත හැකි යැයි ද එහි සඳහන් ය.

දැනට පවතින දැඩි සීමා අගෝස්තු 31 වැනිදා පහුවන තෙක් දීර්ඝ කිරීමෙන් මරණ අඩු කරගත හැකි යැයි ද ලොක්ඩවුන් සීමා සැප්තැම්බර් 18 වැනිදා දීර්ඝ කිරීමෙන් මරණ 7,500ක් වළක්වා ගත හැකි යැය ද විශේෂඥ කමිටුව සඳහන් කරයි.

එම සීමා ඔක්තෝබර් 2 වැනිදා දක්වා දීර්ඝ කිරීමෙන් මරණ 10,000ක් වළක්වා ගත හැකි යැයි ද එම කමිටුව පෙන්වා දෙයි.

එමෙන්ම ශ්‍රී ලංකාවේ මරණ අනුපාතය ඉහළම ඒවායින් එකක් යැයි ද එම වාර්තා වේ සඳහන් ය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී වෛද්‍ය ටෙඩ්‍රෝස් අදනොම්ගේ විශේෂ නියෝජිත සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදේශක විශේෂඥ වෛද්‍ය පාලිත අබේකෝන් මහතා මෙම සාකච්ඡාවල මූලිකත්වය ගෙන පහසුකම් සපයයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත වෛද්‍ය අලකා සිං මෙම විශේෂඥ කමිටුවේ මුලසුන හොබවයි.

වෛද්‍ය වින්‍යා ආරියරත්න, මහාචාර්ය අසිත ද සිල්වා, විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න, මහාචාර්ය සරෝජ් ගුණරත්න, මහාචාර්ය ඉන්දික කරුණාතිලක, වෛද්‍ය රජීව ද සිල්වා, මහාචාර්ය නීලිකා මලවිගේ, මහාචාර්ය කමිනි මෙන්ඩිස්, මහාචාර්ය මලික් පීරස්, මහාචාර්ය මනුජ් වීරසිංහ, වෛද්‍ය ආනන්ද විජේවික්‍රම යන මහත්ම මහත්මීහු 14 දෙනෙක් මෙම විශේෂඥ කමිටුවේ සාමාජිකත්වය දරති.

එම පිරිසට අමතරව ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෛද්‍යවරු පිරිසක් ද මීට එක්ව සිටිති.

  1. රට lockdown කරනවානම් හරියට කරන්න නැත්නම් රට අරින්න නිකම් උගුරට හොරා බෙහෙත් බොනවා වගේ රට වහලා එත් මිනිස්සු මහපාරේ. නිකම් බිහිලුවක්නේ මේක. එක්කෝ මිනිස්සු අවබෝධ කරගන්න ඕනේ…

  2. ඉතින් මුලු අවුරුද්දේ ඉතුරු මාස හතරත් වහගෙන ලබන අවුරුද්දත් වහගන්නවකෝ එකෙක්වත් හොයාගන්න නැතිවෙයි. එතකොට හරිනේ .පාරේ බස්,නැව් විතරයි යන්නේ නැත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:52
Video thumbnail
"නයි හාමි කරදර නොකර යන්න.."
01:19
Video thumbnail
ජාතිවාදී ආගම්වාදි ගැටුමකට යළි ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ - දක්ෂතම මානව සම්පත අප සතුව තියෙනවා
06:28
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42