AFC Banner
Empty Ad
Empty Ad

17 හැවිරිදි තරුණයකු පෙම් කළ වරදට පහර දී මරා දමයි

පාසල් සිසුවකු වන 17 හැවිරිදි තරුණයකුට අතින් පයින් හා පොලූවලින් පහරදී ඔහුගේ මරණය සිදු කළ සැකකරුවන් සිවුදෙනෙක් ආරච්චිකට්ටුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ආරච්චිකට්ටුව නල්ලදරන්කට්ටුව පහළ අත්තන්ගණය පදිංචිව සිටි හෙට්ටිආරච්චිලාගේ සහන් රවිඳු යන සිසුවාව මෙලෙස ඝාතනය කර ඇති බව පොලිසිය සඳහන් කළා.

යතුරුපැදියකින් ගමන් ගනිමින් සිටියදී ඔහුගේ යතුරුපැදියට පයින් ගසා ආරවුලක් ඇති කරගෙන පහරදීම සිදු කර ඇති බව වාර්තා වනවා.

ඔහු එම ප‍්‍රදේශයේම පදිංචි 14 හැවිරිදි තරුණියක සමග පේ‍්‍රම සම්බන්ධතාවක් පවත්වා ගෙන ගොස් ඇති අතර මෙම සම්බන්ධයට තරුණියගේ පාර්ශ්වය විරුද්ධ වී දෙපාර්ශ්වය අතර නිතර ආරවුල් සිදුව ඇති බව සඳහන්.

හලාවත වැඩබලන මහෙස්ත‍්‍රාත් නුවන් ජයවීර මහතා සැකකරුවන් සිවුදෙනා ලබන 18 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?