රජයට අලාභයක් කළ ජෛව වෛද්‍ය ඉංජිනේරුවරයෙකුට අධිචෝදනා

සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ශල්‍යාගාර ලාම්පු 35ක් මිල දී ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අදාළ ටෙන්ඩරය මගින් දූෂණ ක්‍රියාවක් සිදු කර ඇති බවට ජෛව වෛද්‍ය ඒකකයේ ජෛව වෛද්‍ය ඉංජිනේරුවරයකුට එරෙහිව අධිචෝදනා ගොනු කර තිබෙනවා.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන ඒකකය විසිනුයි අදාළ ක්‍රියාවට එරෙහිව විමර්ශන අරඹා චෝදනා ගොනු කර ඇත්තේ.

අල්ලස් පනතේ 70 වැනි වගන්තිය ප්‍රකාරව දූෂණ ක්‍රියාවක් සිදු කිරීම සහ රජයට පාඩුවක් සිදු කිරීම සම්බන්ධයෙන් අධිචෝදනා එල්ල වී ඇති අතර එය ලැබුණු තොරතුරක් මත සිදු කළ විමර්ශනයකින් පසුව හෙළිදරවු කරගෙන තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජෛව වෛද්‍ය ඉංජිනේරු ඒකකයට අනුයුක්තව සේවය කරන තාක්ෂණික ඇගයීම් කමිටු සාමාජික සුබසිංහ ආරච්චිගේ ජනප්‍රිය කරුණාතිලක මහතාට එරෙහිව 1954 අංක 11 දරන අල්ලස් පනතේ 70 වැනි වගන්තිය යටතේ මෙම නඩුව ගොනුව ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ඔක්තෝබර් 01 වැනි දින කොමිසම විසින් විත්තිකරුට එරෙහිව කොළඹ මහාධිකරණයේදී අධිචෝදනා ගොනු කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46