මීළඟ ඡන්දෙදි ඇඟිලි පාට කෙරිල්ල ගැන කොමිසමෙන් දැනුම්දීමක් (නිවේදනය)

මෙම මස 26 වැනි දින පැවැත්වෙන ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සම්බන්ධයෙන් ඡන්ද දායකයා පරීක්ෂා කිරීම හා උචිත ලකුණ සලකුණු කිරීම ගැන නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ ජනාධිපතිවරයා තෝරා පත් කරගැනීම පිළිබඳව ඡන්ද විමසීමේ (2024) දී ඡන්ද දායකයාගේ වම් අතෙහි සුළැඟිල්ල උචිත ලකුණින් සලකුණු කර ඇති බැවින් එළඹෙන 26 වැනි දින පැවැත්වීමට නියමිත ඇල්පිටිය ප්‍රාදේඑශීය සභා ඡන්ද විමසීමේ දී පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥා පනතේ (262 වගන්තිය ප්‍රකාරව) 53 අ(3) වගන්තියෙන් ඡන්දදායකයා උචිත ලකුණින් සලකුණු කිරීම ගැන මතුවිය හැකි ගැටලුව නිරාකරණය කිරීමට ඡන්ද දායකයාගේ වම් අතෙහි මහපටැගිල්ල උචිත ලකුණින් සලකුණි කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබෙන බවයි.

එබැවින් ඡන්ද දායකයාගේ වම් අතෙහි මහපටැගිල්ල නොමැති නම් ඔහුගේ දකුණතෙහි මහපටැගිල්ල හෝ වෙන යම් ඇඟිල්ලක් උචිත ලකුණින් සලකුණු කිරීමට තීරණ්‍ය කළ බව ද එම නිවේදනයේ දැක්වෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය
00:49
Video thumbnail
කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
00:49
Video thumbnail
නාමල් කරුණාරත්න ගැම්මට කිව්ව කතාව - වේගයෙන්ම සංවර්ධනය වන රටවලින් ලංකාව 4වෙනි තැනට ආවනේ
02:24
Video thumbnail
පොහොර ගැන කිසි ප්‍රශ්නයක් තියාගන්න එපා..හිඟයකින් තොරව දෙනවා
02:57
Video thumbnail
ජන බලයෙන් කළ හැකිදේ හෑල්ලුවට ලක් කරන්න එපා - සජිත් සැරවෙයි
13:18
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය - කට්ටිය බැහැලම වැඩ
01:22
Video thumbnail
නිලධාරියෙක් නීතිය උල්ලංඝණය කළත් තනතුර නොබලා දඬුවම් කරනවා - හර්ෂණගෙන් සැර කතාවක්
04:15
Video thumbnail
බන්ධනාගාර තදබදය ගැන හර්ෂණ කට අරියි - බන්ධනාගාරයේ බිත්ති හතර ඇතුළේ තියෙන ප්‍රශ්නයක්ම නෙවෙයි
03:21
Video thumbnail
සීට් බෙල්ට් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන පොලිසිය
01:15
Video thumbnail
සිව් දෙනෙක් දිය රකුසට හ#වූ ඛේදවාචකය
01:17