කෙහෙළියගේ නම දැමූ පාසලේ නම ගලවා ඉවත් කෙරේ (වීඩියෝ)

හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයෙකු වන කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ නමින් නම් කර තිබූ කුණ්ඩසාලේ ‘කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රාථමික විද්‍යාලයේ’ නම වෙනස් කර තිබෙනවා.

ඒ අනුව එම පාසල මෙතැන් සිට (17) ක්‍රියාත්මක වන පරිදි හැඳින්වෙන්නේ කුණ්ඩසාලේ රාජකීය ප්‍රාථමික විද්‍යාලය යනුවෙන්.

මහනුවර – වත්තේගම අධ්‍යාපන කලාපයේ කුණ්ඩසාලේ කොට්ඨාසයට අයත් මෙම පාසලේ නාමය වහාම ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කිරීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්. බී. එස්. අභයකෝන් මහතා අනුමැතිය ලබා දී තිබෙනවා.

ඒ අනුව මෙම විද්‍යාලය මින් ඉදිරියට කුණ්ඩසාලේ රාජකීය ප්‍රාථමික විද්‍යාලය නමින් හැඳින්වීමට පළාත් අධ්‍යාපන දෙපාර්තමෙන්තුවේ ව්‍යුහ කමිටුව මගින් ඉදිරිපත් කොට තිබු යෝජනාවට අනුමැතිය ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

මේ සම්බන්ධයෙන් විවිධ අවස්ථාවල දෙමව්පියන්, වෘත්තීය සමිති වෙතින් ඉදිරිපත් කර තිබු යෝජනා ද සැලකිල්ලට ගනිමින් පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් නිර්දේශ ඉදිරිපත් කරනු ලැබුවා.

මෙම අධ්‍යාපන කොට්ඨාසයේ ප්‍රධාන ප්‍රාථමික විදුහල් අතරින් ප්‍රමුඛ විද්‍යාලයක් වන මෙම විද්‍යාලය වර්ෂ 1939 එස්.ඩබ්ලිව්.ආර්. ඩි බණ්ඩාරනායක විදුහල නමින් ආරම්භ වු අතර, කලින් කල හඳුන්වා දෙනු ලැබූ විවිධ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට සමගාමී ව නත්තරම්පොත විද්‍යාලය, කුණ්ඩසාලේ මහා විදුහල වැනි නම්වලින් ද මෙකී පාසල ජනප්‍රිය වුණා.

මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමය යටතේ වික්ටෝරියා ජලාශය ඉදිකිරීමෙන් අනතුරුව ක්‍රමයෙන් එහි ගොඩනැගිලි ජලාශයට යට වූ අතර, කොටසක් දැනට ප්‍රධාන මාර්ගයට මුහුණලා පිහිටුවා ඇති බණ්ඩාරනායක ජාතික පාසල වෙත ගෙන යනු ලැබුවා.

කලක් වැසීයාමේ තර්ජනයට ද ලක් වූ මෙම විදුහල ‘ළඟම පාසල හොඳම පාසැල ව්‍යාපෘතිය’ යටතේ 2012 වසරේ දී කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රාථමික විද්‍යාලය යන නමින් නව ගොඩනැගිල්ලක් ඉදිකොට සංවර්ධනය කිරීමටයි කටයුතු කෙරුණේ.

අද වන විට දරුවන් 530 දෙනෙකුට සිප් සෙවන සලසන මෙම විදුහලේ ගුරු මණ්ඩලය 23කින් සමන්විත වන අතර වත්මන් විදුහල්පතිවරයා වන්නේ ඩබ්ලිව්. ඒ.එම්. සි. කේ අධිපත්තු මහතා යි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴Breaking News
01:36
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.07.21
02:08:14
Video thumbnail
දයාසිරිට යකා නගියි - නයි අරින්නේ නැතුව ඉන්න..නයා ඇ#ගන්න ඕනිද ?
02:50
Video thumbnail
හ#ක් නිසා චාමරට යකා නගියි - බෝඩ් පුච්චන්න ඕනි වෙළෙඳ ඇමතිගේ.. අහිංසකයන්ගේ නෙවේ
09:13
Video thumbnail
හෝමාගම කර්මාන්තපුරයේ ඇතිවූ බිහිසුණු ගින්නේ නවතම තත්ත්වය - "ඇතුළේ හිටපු කට්ටිය මම ඇදගෙන ආවා"
02:26
Video thumbnail
අම්මටහුඩු අර බලපන් අරහේ ඔක්කොම කඩාගෙන වැටෙනවා ? හෝමාගම ගින්නේ නවතම දර්ශන
02:26
Video thumbnail
විභාග කොමසාරිස්ගෙන් විශේෂ ප්‍රකාශයක් - O/L විභාග අපේක්ෂකයින් අයදුම් කරන්න ID එක අවශ්‍ය නෑ
03:06
Video thumbnail
හෝමාගම කර්මාන්ත පුරයේ කර්මාන්තශාලාවක විශාල ගින්නක් - මෙන්න නවතම දර්ශන
00:43
Video thumbnail
විජේවීරගෙ ඝා#නය නිසා දයාසිරි පාර්ලිමේන්තුවේ උණුසුම්වෙයි - ඔයාලා තමයි ඝා#කයෝ..ඒකනේ කියන්නේ ඔය
05:50
Video thumbnail
උදෙන්ම අජිත් - හර්ෂණ කුපිතවී පාර්ලිමේන්තුව දෙවනත් කරයි - ත්‍ර#ස්තවාදීන් නිදහස් කරනවද ?
05:51