කෝකියෙකු වස්කඩුව මුහුදේ දී අතුරුදන්

කළුතර උතුර, වස්කඩුව ප්‍රදේශයේ මුහුදේ දියනෑමට ගිය තරුණයෙකු අද (17) පස්වරුවේ මුහුදේ ගිලී අතුරුදන්ව ඇති බව කළුතර උතුර පොලිසිය පවසනවා.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ මොරොන්තුඩුව ප්‍රදේශයේ හෝටලයක කෝකියෙකු ලෙස සේවය කරන බාග්‍යවන් සෙල්වනායගම් නමැති 26 හැවිරිදි විවාහකයෙකු බවයි හෙළි ව ඇත්තේ.

ඔහු නුවරඑළිය – හාවාඑළිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව ද සිදු කළ මූලික විමර්ශනවල දී හෙළි ව තිබෙනවා.

අතුරුදන් වූ තරුණයා අද දින නිවාඩු දිනයක් බැවින් මිතුරන් සමග කුඩා වස්කඩුව මුහුදු වෙරළට පැමිණ දියනෑමට ගොස් ඇති අතර, එක්වරම රළ පහරට හසුව නොපෙනී ගොස් ඇති බවටයි සිදු කළ පරීක්ෂණවල දී අනාවරණය වී ඇත්තේ.

කළුතර උතුර පොලිසිය තරුණයා සොයා විමර්ශන සිදු කළ ද මෙතෙක් ඔහුව සොයාගැනීමට නොහැකිව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39