දමිතාට පහත් වැඩක් කළ හේෂාගේ පැටිකිරියාව දොට්ට (වීඩියෝ)

සමගි ජන බලවේගය රත්නපුර දිස්ත්‍රික් නායක හේෂා විතානගේ තමන්ව කඩේ යැවීමක් සිදු කරමින්; තම නම නාමයෝජනා ලැයිස්තුවෙන් ඉවත් කර පහත් අඩියකට වැටුණේ කෙසේ දැයි යන්න තවමත් ප්‍රශ්නයක් බව ප්‍රවීණ රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය පවසනවා.

අද (11) දහවල් එළඹෙන මහ මැතිවරණය සඳහා පක්ෂය නියෝජනය කරමින් රත්නපුර දිස්ත්‍රික්කයෙන් තරග වැදීම සඳහා නාමයෝජනා භාරදීමට පැමිණි අවස්ථාවේදියි ඇය මේ බව සඳහන් කළේ.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ විසින් ම තමන් හට ඔහුගේ දිස්ත්‍රික්කය නියෝජනයට කාන්තාවක් නොමැති බව පවසමින්; තමන්ට මෙම අවස්ථාව ලබාදුන් බව ද දමිතා අබේරත්න මහත්මිය පැවසුවා.

තමන් සමගි ජන බලවේගය මහලේකම්වරයාගේ සෑම නියෝගයක් ප්‍රකාරවම දිවා – රෑ නොබලා දිවයින පුරා යමින් සංවිධායක කටයුතු සඳහා සහයෝගය ලබාදුන් බවත්; හේෂා ම තමන් ව යෝජනා කර, නාමයෝජනා අත්සන් තැබූ පසු එය භාරදෙන විට ලැයිස්තුවෙන් නම කැපුවේ ඇයි දැයි නොදන්නා බවයි ඇය සඳහන් කළේ.

හේෂා විතානගේ ඇතුළු සෙසු සංවිධායකවරුන් සමග සිදු වූ දූරකථන සංවාද සියල්ලක්ම තමන් සතුව ඇති බවත්; හේෂා විසින් පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාව ද රවටා ඇති බවයි ඇය පැවසුවේ.

තමන් සජිත් ප්‍රේමදාස මහතාට අද ඇමතුමක් දුන් අවස්ථාවේ දී ඔහු විමසුවේ ඇය ස්වකැමැත්තෙන් ඉල්ලා අස්වූ බවට යන්න පිළිබඳව දැනුවත් වී සිටි බවයි.

කෙසේවෙතත් මෙවන් කැපකිරීමක් අරගලයේ සිට පසුව දේශපාලනික පෙරළියක් උදෙසා පක්ෂයක් තෝරාගැනීමේ දී සමගි ජන බලවේගයේ පක්ෂ නායකතුමා ගැන පැහැදීම හේතුවෙන් දේශපාලනයට අවතීර්ණ වූ බවත්; හේෂා විතානගේ මෙතරම් පහත් වැඩක් කුමක් හේතුවෙන් කළා ද යන්න තමන් මේ වනතෙක් නොදන්නා බව ද ප්‍රවීණ රංගන ශිල්පිනිය මෙහිදී සංවේදීව ප්‍රකාශ කළා.

  1. හේෂත් එක්ක හැංගි මුත්තන් සෙල්ලම් කරාද ? හේෂ “එකට දුවමු අපි අක්කෙ,දුවල දුවල හැංගෙමු” කියල කිව්වද ? පව් දුවල දුවල දෙන්න හැංගුනාම හේෂ ඔයාට කැපුවද ??පව් අනේ. ඔයාට කපල වැඩක් නැහැනේ නේද ? ඒක නිසා නේද ඔයා හේෂ එක්ක තරහ..
    හේෂ, මොකක්ද බං ඒ කරපු කැත වැඩේ.?
    ඕකිට කපල වැඩක් නෑනෙ..



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.25
00:00
Video thumbnail
මුළු ගමක්ම බිය කළ වන අලියා මෙල්ල කළ මෙහෙයුම - ආවොත් මොන මඟුලක්වත් කරන්න බෑ
02:03
Video thumbnail
සෘණාත්මක අදහස්වලට නොමඟයන්න එපා - MF සමඟ කළ 7ත් වන සමාලෝචනය ගැන නි. මුදල් ඇමති හෙළිකරපු දේ
13:08
Video thumbnail
ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට දහසක් කුල දරුවන් සසුන් ගත කිරීමේ ජාතික මහෝත්සවය
01:23
Video thumbnail
ස්වාමීන් වහන්සේලාගේ කඳුළු කතාව කාටවත් පේන්නේ නෑ..ඇහෙන්නේ නෑ - අනුන්ටම පිහිට වුණු ජීවිත අපි
12:24
Video thumbnail
මොරටුව ගිනිගත් නිවාස සංකීර්ණය නිරීක්ෂණයට ගිය නි.ඇමති
01:29
Video thumbnail
අනේ ජනාධිපතිතුමා මාව ගන්න ලංකාවට
01:21
Video thumbnail
රිමාන්ඩ් වුණ ජානකි බන්ධනාගාර බසයෙන් යන අයුරු
00:22
Video thumbnail
නෙදර්ලන්ත කාන්තාවක් දිය ඇල්ලෙන් වැ#ටී එළොව යයි
00:40
Video thumbnail
මුළු පාරම වතුරෙන් වැහිලා ගිහින්
00:31