බෙන්තොට යාත්‍රා මුල්ලේ පැවැත්වූ මත්පැන් සාදයක් පොලිසියෙන් වටලයි

බෙන්තොට යාත්‍රා මුල්ල ප්‍රදේශයේ නිවසක විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් ඊයේ (16) රාත්‍රියේ සිට පැවැත්වූ මත්පැන් සාදයක් අද (17) පුර පසළොස්වක පොහෝ දින දහවල් තෙක් පවත්වමින් තිබියදී බෙන්තොට පොලිසියට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමේ දී සිද්ධියට සම්බන්ධ 12 දෙනෙකු හා එක් සැකකාරියක් ඇතුළු 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය පැවසුවේ; අත්අඩංගුවට ගත් සැකකරුවන් අතරින් සිව්දෙනෙකු සන්තකයේ තිබී ‘මෙන්ඩි’ නමැති මත්ද්‍රව්‍යය ද, අයිස් මත්ද්‍රව්‍ය සමග තිදෙනෙක් ද, ගංජා සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් සිව්දෙනෙකු ද, උත්තේජන මත්පෙති හෙවත් (ඩාන්සින් ටැබ්ලට්) සැකකාරිය සන්තකයේ ද තිබී සොයාගත් බවයි.

අද දහවල් අත්අඩංගුවට ගන්නා විටත් මොවුන් තද මත් ගතියෙන් පසු වූ බව ද පොලිසිය පවසනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 18 සිට 45 අතර පසුවන්නන් බවත් ඔවුන් බෙන්තොට, අලුත්ගම, දර්ගා නගරය සහ කළුතර ප්‍රදේශවල පදිංචිකරුවන් බවත් අනාවරණය වී තිබෙනවා.

සැකකරුවන් බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14