160 වන පොලිස් දිනයට සමගාමීව සංවිධානය කළ පළමු අන්තර්ජාතික පර්යේෂණ සමුළුවේ පළමු දිනය සාර්ථකව අවසන්

160 වන ජාතික පොලිස් දිනයට සමගාමීව කටාන ජාතික පොලිස් අභ්‍යාස ආයතනය විසින් සංවිධානය කළ පළමු අන්තර්ජාතික පර්යේෂණ සමුළුව ඊයේ (31) ජාතික පොලිස් අභ්‍යාස ආයතන පරිශ්‍රයේදී ආරම්භ වුණා.

දෙදිනක් පුරා පැවැත්වෙන මෙම සමුළුව සඳහා දෙස් විදෙස් රාජ්‍ය හා පුද්ගලික විශ්වවිද්‍යාල අචාර්ය මහාචාර්යවරුන්, විද්‍යාර්තයින්, දෙස් විදෙස් අධ්‍යාපන ආයතන සිසුන්, රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන මෙන්ම දෙස් විදෙස් පොලිස් නිලධාරීන් සහභාගී වනවා.

නූතන ලෝකයේ විවිධ ක්ෂේත්‍ර යටතේ සිදුවන අපරාධ පර්යේෂනාත්මක ඇසින් විග්‍රහ කරමින් දේශීයව සහ විදේශීය වශයෙන් ඉදිරිපත් වූ පරේෂණ කෘති රැසක් පිළිබඳව දේශන සහ සාකච්ඡා පැවැත්වීම මෙහිදී සිදු කෙරෙනවා.

මෙවර සමුළුවේ ප්‍රධාන තේමාව “Transnational Crime and Social Protection: Integrated Responses for Global Security” යන්නයි.

සමාරම්භක දිනයේදී දේශසීමා ඉක්මවා යන අපරාධ මර්දනයට ජාත්‍යන්තර සබඳතා සහ නවීන තාක්ෂණික මෙවලම් පොලිස් පද්ධතියට එක්කර ගැනීමේ වැදගත්කම පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා වූ අතර, අදාළව පර්යේෂණ පත්‍රිකා විශාල ප්‍රමාණයක් ඉදිරිපත්වී තිබෙනවා.

මිනිස් වෙළඳාම සහ අපරාධකරුවන් රහසිගතව රටවල් අතර ප්‍රවාහනය, මත්ද්‍රව්‍ය ජාවාරම එම කරුණු අතර ප්‍රධානයි.

සයිබර් අපරාධ හමුවේ ශ්‍රී ලංකා පොලීසියට ජාත්‍යන්තර සබඳතා සහ ගෝලීය සහයෝගීතාවයේ වැදගත්කම, එවැනි අපරාධවලින් ආරක්ෂාවීම, දේශ සීමාවෙන් එපිට සැඟව සිටින අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා අවශ්‍ය සහය (Interpol Red Notices) ලබාගැනීම වැනි කරුණු පිළිබඳවත්, කාන්තා හා ළමා ආරක්ෂාව, මානව හිමිකම් සුරැකීම පිළිබඳවත් පරේෂණ පත්‍රිකා රැසක් මෙදින සාකච්ඡාවට බඳුන් වී තිබෙනවා.

එමෙන්ම ඇතැමුන් අපරාධ හා නීත්‍යානුකූල නොවන ක්‍රම මගින් උපයාගන්නා වත්කම් හා ධනය පිළිබඳව කටයුතු කළයුතු ආකාරය, මුදල් විශුද්ධිකරණය, මූල්‍ය අපරාධ නීතියේ රැහැනට කොටුකරගැනීම, දූෂණ විරෝධී ක්‍රියාපිළිවෙත් පිළිබඳව ලැබුනු නව යෝජනා පරේෂණ පත්‍රිකා ඇසුරින් සාකච්ඡාවට ලක් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
අගමැතිතුමිය ඉස්සරහා නිලධාරීන්ට කට උත්තර නැතිවෙයි
04:14
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40